රිය අනතුරු නිසා වසරකට 3000ක් මිය යනවා. නීති දැඩි කරන්න – SLMA රජයෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙන අතර වසරකට රිය අනතුරු නිසා මරණ 3000ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුව පවසන්නේ පරිදි රථ වාහන වැරදි සඳහා දඩ කොළ දීම ප්‍රමාණවත් නොවන අතර නීති දැඩි කළ යුතු බවයි.

රියදුරන්ගේ නොසැලකිල්ල නිසා ගිය වසරේ මාර්ග අනතුරු වලින් 400ක් පමණ මිය ගොස් ඇති බවද සඳහන්.

ඒ අනුව එළඹෙන ඔක්තෝම්බරයේ ළමා දිනය මුලකරගනිමින් මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා විශාල වැඩකොටසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියි.

කෙසේ හෝ අමර්ග අනතුරුවලින් දරුවන්ගේ මරණ අවම කරගත යුතු බවයි එම සංගමය පවසන්නේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුවේ සන්නාම කළමණාකරු ඩිලන්ත මාලගමුව මහතා පවසන්නේ රථ වාහන පිළිබඳ නීති දැඩි කළ යුතු අතර ශ්‍රී ලනක ගමනා ගමන මණ්ඩලය විසින් රියදුරන් පුහුණු කළ යුතු වන බවයි.

තමන් එහි පුහුණු වැඩමුළුවක් සිදුකරන බවත් එම රියදුරන්ට මාර්ග අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් මාර්ග නීති පිළිපැදීම සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවද මාලගමුව මහතා කියාසිටියි.

”බස් නෙමෙයි තියෙන්නෙ බොඩි චැසි. බස් ගෙන්වද්දි බස්වලට සල්ලි ගෙවලා තියෙන්නෙ. එන්නෙ ලොරි. මේවා මගී ප්‍රවාහනයට සුදුසු නැහැ. ලංකාවේ බස් කියලා යන්නෙ ලොරි. පාසල් ඇරිලා ළමයා ගෙදර ආවම පණක් නෑ. මොනවද මේ බස් කවුළු නෑ. AC නෑ. සීට් බෙල්ට් නෑ. රජයට කිව්වට වැඩක් නෑ. කටුකුරුන්දෙ ගිහින් මම රියදුරන් පුරුදු කරනවා මේ බස් පදින්න බෑ . කොන්දෙ අමාරුව හැදෙනවා. එක බස් එකකවත් සීට් බෙල්ට් එකක් නෑ. රියදුරු සීට් එකේ සීට් බෙල්ට් නෑ. බස් ගෙන්වනකොට මේ වගේ බස් ගේන්වන්න එපා කියල මම ඉල්ලනවා. වසරකට 3000 ක් මිය යනවා බයික් පදින අය. ඔවුන්ට විනයක් නෑ. ලයිසන් එක දෙන්න ඕන විදියක් තියෙනවා පාරට දාන්න කලින්. නීතිය තද කරා නම් බිලියන 300ක් එකතු කරගන්න පුලුවන්. රියදුරු බලපත්‍ර නැවත අලුත් කරන්න ඕනේ. නැත්නම් තවත් ළමුන් මැරෙන එක නවත්වන්න බෑ. පාරවල් පටු කියලා අනතුරු වෙනවා කියන එක වැරදි. රියදුරු දැනගන්න ඕනේ අනතුරක් වෙන්නෙ නැතිව යන්න. අපි රජයෙන් නැවත ඉල්ලනවා දැනුමක් තියෙන අය එකතු කරන් මේක කරන්න. රජය පියවරක් ගත්තෙ නැත්නම් ඉදිරියේදී තරුණ ජීවිත තවත් නැතිවෙයි.” යනුවෙන් මාලගමුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...