*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ධම්මිස්සරයට ශූරතා පොකුරක්‌

ඩීඑස්අයි වොල්බෝල් ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ (සැප්තැම්බර් 23) පැවති අවසන් තරග හයෙන් පහකම සූරතා නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයට හිමි විය.පහළොවෙන් පහළ බාලිකා ශූරතාවය පමණක් හුංගබ විජයබා විද්‍යාලයේ බාලිකාවෝ රැඟෙන ගියහ.අවුරුදු 11 න් පහළ බාලිකා ශූරතාවය ධම්මිස්සරය දිනා ගත්තේ ඇල්පිටිය ප්‍රාථමිකය 15 – 05 සහ 15 – 04 ක් ලෙස පරාජය කරමින්.

ධම්මිස්සරය එම වයස් සීමාවේ බාලක සූරතාවයට හිමිකම් කීවේ මාරවිල ශාන්ත කේෂ්වියර් විද්‍යාලය ලකුණු 15 – 8 ක් සහ 15 – 11 ක් ලෙස පරාජයට පත් කරමින්.අවුරුදු 13 න් පහළ බාලක,බාලිකා ශූරතා ද ධම්මිස්සර විදුහල වෙතම හිමි වුණා.බාලක අංශයේදී නාත්තණ්ඩියේම ජනාධිපති පාසල 21 – 15 සහ 21 -10 ක් ලෙස පරාජයට පත් කරමින් ධම්මිස්සරය ජය ගත්තා.බාලිකා අංශයේදී මාබිම විද්‍යාකර විද්‍යාලය අනු ශූරතාවය දිනා ගත්තේ ධම්මිස්සරය ඉදිරියේ වට දෙකම 17 – 21 ලෙස පරාජයට පත්වෙමින්.

අවුරුදු 15 න් පහළ බාලිකා තරගයේ දී මෑත කාලයේ විශාල අවධානයක් දිනා සිටි උහන තිස්සපුර විද්‍යාලය මෙවරත් අම්පාර දිස්ත්‍රික්කයට ශූරතාවය රැඟෙන යාමට සූදානමින් සිටියද,මෑත ඉතිහාසයේ ඉහළින් සිය නම තබා සිට හුංගම විජයබා විද්‍යාලය කළෙකින් පසුව යළි අවදිව උහන බලාපොරොත්තුවලට හරස් වුණා.ලකුණු තත්ත්වය 25 – 20,25 – 21 සහ 25 -15 ලෙස වට 3 – 0 ක ජයක් හුංගමට හිමි වුණා.බාලක සූරතාවය යළිත් ධම්මිස්සරයට රැඟෙන යන්නට සමත් වුණේ නාත්තණ්ඩියට හැරෙන මාරවිල හන්දිය ආසන්නයේ අනු ශුරතාවය තබමින් එය ශාන්ත කේෂ්වියර් විද්‍යාලයට පවරා.වට 3-0 ක් ලෙස තරගයේ ජයග්‍රහණය ධම්මිස්සරයට සහ අනු ශූරතාවය කේෂ්වියර් වෙත හිමි වූ එම සටනේ ලකුණු තත්ත්වය 21 – 25 – 17 25 – 18 සහ 25 – 15 ක් ලෙස දැක් වුණා.ශෙහානි මධුශිකා,විහානි නෙතාරා සහ යසාදි ඉමායා අවුරුදු 11 න් පහළ බාලිකා තරගයේදී පිළිවෙලින් දක්ෂතම පන්දු ඔසවන්නිය,ප්‍රහාරිකාව සහ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස ඇගයීම් ලබා ගත්තා.

බාලක අවුරුදු 11 න් පහළ තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නා වුණේ ධම්මිස්සර විද්‍යාලයේ විනුජ මන්දිල්.දක්ෂතම ප්‍රහාරකයා ශාන්ත කේෂ්වියර් විද්‍යාලයේ ලකිතු සිත්මික වූ අතර දක්ෂතම ක්‍රීඩකයා බවට ධම්මිස්සරයේ කවිත මෙත්මල් පත් වුණා.අවුරුදු 13 න් පහළ තරග අංශයේ බාලිකා අංශයේ දී මාබිම විද්‍යාලයේ නෙලුෂා කාවින්දි බණ්ඩාර දක්ෂතම ප්‍රහාරිකාව බවට පත් වුණා.දක්ෂතම පන්දු ඔසවන්නියගේ ඇගයීම ධම්මිස්සර විද්‍යායේ අශාලි ධාන්‍යාට හිමි වුණා.දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණේ ධම්මිස්සරයේ දිනෙකා දිනාංජලී යි.අස්විද පෙරේරා,උයිමීර දිල්හාන් සහ තෙනුජ තරුල් අවුරුදු 13 න් පහළ බාලක අංශයේ ඇගයීම්වලදී පිළිවෙලින් පන්දු එසැවීම,ප්‍රහාරය සහ දක්ෂතම ක්‍රිඩකයාගේ සම්මාන සඳහා සුදුසු වූවා.අවුරුදු 15 න් පහළ බාලකා තරග අංශයේදී හුංගම විජයබා විද්‍යාලයේ සදීෂා දිල්රුක්ෂි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණා.නුවංගි අප්සරා සහ වත්ෂිකා දිල්ශානි පිළිවෙලින් දක්ෂතම පන්දු ඔසවන්නිය සහ දක්ෂතම ප්‍රහාරිකාව ලෙස ඇගයීමට ලක් වුණා.ධම්මිස්සරය 15 න් පහළ බාලක සූරතාවය දිනා දෙමින් එම විද්‍යාලයේ බිනදු නිම්සත් දක්ෂතාම ක්‍රිඩකයා වෙද්දී දක්ෂතම පන්දු ඔසවන්නා සහ ප්‍රහාරකයා ලෙස පිළිවෙළින් ඇගයීමට පාත්‍ර වන්නට ධම්මිස්සරයේම තිමෙත් අරෝෂ සහ විදුල දහම් සමත් වුණා.අද අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ තරග පැවත්වීමට නියමිතයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan