ඉතිහාසගත සමස්ත ගෝලීය ණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉතිහාසයේ වාර්තාගත ඉහළම ගෝලීය ණය ප්‍රමාණය වාර්තා වේ. ඒ, සමස්ත ගෝලීය ණය ලෙස මේ වසරේ දෙවැනි කාර්තුවේදී අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 307 දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙන්නේ, බැංකු ණය කප්පාදු කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දමමින් තිබියදි මෙලෙස ණය ප්‍රමාණය ඉහළ යාම විශේෂ තත්ත්වයක් බවත්, මෙම ගෝලීය ණය ඉහළයාමට සංවර්ධිත රටවල ණය ගැනීම ඉහළ දායකත්වයක් දක්වා ඇති බවත්ය.

අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි සංවර්ධිත රටවල් එලෙස ගෝලීය ණය ඉහළ යාමට 80%ක දායකත්වයක් දක්වා ඇත.ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශ කරන පරිදි ඩොලර් ට්‍රිලියන 10කින් 2023 වසරේ මුල් අර්ධයේදී ගෝලීය ණය ඉහළ ගොස් ඇති අතර, පසුගිය දශකය තුළ එලෙස ගෝලීය ණය ප්‍රමාණාත්මකව ඩොලර් ට්‍රිලියන 100කින් ඉහළයාම විශේෂත්වයකි.

මෙලෙස ගෝලීය ණය ඉහළයාමත් සමග ණය සහ දළ දේශීය නිෂ්පාදිනය අතර අනුපාතය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී 336% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙන පරිදි වර්ධනය මන්දගාමී වීම, සහ මිල ඉහළයාමේ වේගය අඩාල වීම ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය ඉහළ යාමට හේතු වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, පසුගිය වසර 02ක කාලයේ උද්ධමනයේ හදිසි ඉහළයාම හේතුවෙන් ණය අනුපාතයේ යම් පහතවැටීමක් දක්නට ලැබුණු බවත්, වැටුප් සහ මිල සාධක සැලකූ විට මේ වසරේ අවසානයේ ගෝලීය ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය 337% දක්වා ඉහළ යා හැකි බවත්ය.

නැගී එන වෙළෙඳපොළ රටවල් සැලකූවිට ඉහළම ණය වර්ධනයක් වාර්තා වන්නේ චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය යන රටවලිනි.ඉහළ ණය පොලී අනුපාත සහ ඉහළ ණය මට්ටම් හමුවේ රජයන්හි පොලී වියදම් ඉහළයාමත්, දේශීය ණය පීඩනය ඉහළයාමත් අපේක්ෂා කළ හැකි බව එම වාර්තාවේ සඳහන් ය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාව පෙන්වා දෙන පරිදි නැගී එන වෙළෙඳපොළ රටවල ණය සහ දළ දේශිය නිෂ්පාදිනය අතර අනුපාතය තවමත් පවතින්නේ කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමිනි. චීනය, කොරියාව සහ තායිලන්තය එම ප්‍රවණතාවට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.ජාත්‍යන්තර මූල්‍ය ආයතනය අපේක්ෂා කරන්නේ, සංවර්ධිත රටවල ආර්ථිකයන්ට බලපාන උද්ධමන පීඩනය හමුවේ පොලී අනුපාත ඉහළ නැංවිය යුතු වුවත්, එක්සත් ජනපද මහබැංකුවේ (ෆෙඩරල් රිසරිව්) පොලී අනුපාත ලබන වසරේ මැයි මාසය දක්වා 5.25%ක් 5.5%ක් අතර පවතිනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...