ඇණවුම් කළ ඖෂධ ඉවත දැමීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කල් ඉකුත්වීම නිසා ඖෂධ ඉවතදැමිමට පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කල් ඉකුත්වීම සාමාන්‍ය දෙයක් වන නමුත් කොවීඩ් පාලනය සඳහා ඉකුත් 2022 වර්ෂයේදී මිලදී ගෙන තිබුණු ෆයිසර් එන්නත්වලින් භාවිතයට ගෙන තිබුණේ 13%ක ප්‍රමාණයක් යැයි අමාත්‍යවරයා කීවේය.

මිලදී ගත් මිලියන 14.5ක එන්නත් තොගයෙන් සෙසු සියල්ල විනාශ කිරීමට සිදුවූ බව අද (25) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වර්ෂ 2015 සිට මේ දක්වා විගණන වාර්තා තමන් සතු බව කී ඒ මහතා සෑම වර්ෂයකදීම මේ අයුරින් කල් ඉකුත්වීම නිසා ඖෂධ ඉවත් කිරීම සිදුවී ඇතැයි කීවේය.

යහපත් සෞඛ්‍ය පුරුදු හේතුවෙන් කොවීඩ් සමයේදී සෙම්පතිශ්‍යාව ඇතුලු ස්වසන රෝග සඳහා මිලදී ගෙන තිබුණු ඖෂධ රැසක් භාවිත කිරීමට සිදු නොවුණු බව ඒ මහතා කීවේය. ස්වසන රෝගීන් රෝහල් ගතවීම 2022දී අවම වූ නිසා එම රෝග සඳහා ඇණවුම්කළ ඖෂධවලින් 80%ක් ඉවතදැමීමට සිදුවූ බව අමාත්‍යවරයා කීහ.

වයස අවුරුදු 20ට වැඩි කණ්ඩායම් සඳහා කොවීඩ් එන්නත ලබාදීමට තීරණය කළත් ඒ වන විට රෝගය යම් දුරට පාලනය වීම හා යළි සමාජයට යොමුවීම මගින් රෝගය වැළදෙනු ඇතැයි සිතූ පිරිස් එන්නත ලබා නොගත් බව හෙතෙම පැවසීය.

මේ නිසා එන්නත් මාත්‍රා රැසක් භාවිත කිරීමට සිදු නොවුණු බව ද එන්නත් ජීව කාලය අවසන් වීමට පෙර යාබද රටවලට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා සාකච්ඡා කළ නමුත් එම රටවල ගබඩා පහසුකම් නොමැතිව එන්නත් විනාශ කිරීමට සිදුවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...