*
Friday, October 11, 2024
spot_img

Latest Posts

අධ්‍යාපන අමාත්‍යංශයට කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයෙන් ඩොලර් මිලියන 6ක ප්‍රදානයක්!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (KOICA) අධ්‍යාපන අමාත්‍යාංශයට සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු වෘත්තීය වේදිකාව(TVET) ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් ලබා දුන් බව කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය(KOICA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු වෘත්තීය වේදිකාව(TVET) තුළින් අභ්‍යාසලාභීන්ගේ දියුණුව සඳහා සහ ඔවුන්ගේ රැකියා තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT) පදනම් කරගත් වෘත්තීය වේදිකාවක් පිහිටුවීමයි.

උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මුදිතා මල්කාන්ති මහත්මිය, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු වෘත්තීය වේදිකාව සංවර්ධනය සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය(KOICA) සහ කොරියානු රජය ප්‍රදාන විධිවිධාන රැසක් ලබා දීම පිළිබඳව ඇගයීමට ලක් කළාය.

වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු වෘත්තීය වේදිකාව ඇමරිකානු ඩොලර් මිලියන 6 ක මූල්‍ය ආධාර සහිත කොරියානු රජයේ නවතම මුලපිරීම බවත් මෙම වෘත්තීය වේදිකාව ශ්‍රී ලංකාවේ වෘත්තීය සිසුන් සඳහා පැහැදිලි වෘත්තීය මාර්ග ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය(KOICA) විසින් වසර 20කට වැඩි කාලයක් කොරියාවේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු වෘත්තීය වේදිකාව සහ අධ්‍යාපන තාක්ෂණ(Edtech) ක්ෂේත්‍රවල සේවය කරන UBION වෙතින් ව්‍යාපෘති කළමනාකරණ උපදේශන (PMC) කණ්ඩායමක් සම්බන්ධ කර ගන්නා ලදී. වැඩමුළුව සඳහා අවශ්‍ය සම්පත් සඳහාද ව්‍යාපෘති කළමනාකරණ උපදේශන කණ්ඩායම පහසුකම් සපයන ලදී.

කොරියා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය(KOICA) විසින් කොරියාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර මිත්‍රශීලී සහ සහයෝගීතා සබඳතා සහ අන්‍යෝන්‍ය හුවමාරු ගොඩනඟන විවිධ ව්‍යාපෘති හරහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ ප්‍රගතියට දායක වීමට කටයුතු කරයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය, ග්‍රාමීය සංවර්ධනය, ජල කළමනාකරණය සහ ප්‍රවාහනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සහාය වන වැඩසටහන් සමඟින් කොරියා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය(KOICA) දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව සමඟ එක්‍ රොක් වී සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan