Dumbledore ගේ නික්මයෑම සහ හොග්වාර්ට්ස් හි පාලනයේ ගිලිහීම!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බන් (Sir Michael Gambon) එහෙමත් නැතිනම් අපේ හොග්වාර්ට්ස් හි කුලපති ආචාර්‍යය ඩම්බල්ඩෝර් ගේ නික්ම යෑම ශෝකාන්තයක් සමඟින් අද දින සනිටුහන් විය. 1940 ඔක්තෝබර් 19 වන දින උපත ලැබූ ගැම්බන් සිය 82වන විය පසු කරමින් සිටිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැම්බන් සිය රංගන ජීවිතය ආරම්භ කළේ ලෝරන්ස් ඔලිවියර් සමඟ රාජකීය ජාතික රඟහලේ මුල් සාමාජිකයන්ගෙන් කෙනෙකු ලෙසය. ඔහුගේ දශක හයක දිගු වෘත්තීය ජීවිතය තුළ, ඔහු ඔලිවියර් සම්මාන තුනක්, තිර නළුවන් සංසද සම්මාන දෙකක් සහ BAFTA සම්මාන හතරක් ලබා ගත්තේය. 1999 දී ඔහුට නාට්‍ය සඳහා වූ සේවය වෙනුවෙන් II එලිසබෙත් රැජින විසින් නයිට් පදවිය ද පිරිනමන ලදී.

ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හැරී පොටර් චිත්‍රපට ගණනාවක හොග්වාර්ට්ස් හි ප්‍රධාන ඇදුරුතුමා වන ඩම්බල්ඩෝර් ලෙස රඟපෑම සඳහාය.

ගැම්බන් වසර 60 කට පෙර සිය රංගන ජීවිතය ආරම්භ කළේය.

ඔහු Maigret ITV කතා මාලාවේ ප්‍රංශ රහස් පරීක්ෂක Jules Maigret ලෙසද, BBC කතා මාලාව වන The Singing Detective හි ද රඟපෑවේය.

ගැම්බන්ගේ බිරිඳ සහ පුත් ෆර්ගස් ගැම්බන් වෙනුවෙන් නිකුත් කරන ලද ශෝක ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. “ශ්‍රීමත් මයිකල් ගැම්බන් අහිමි වීම ප්‍රකාශ කිරීම ගැන අපි කම්පාවට පත්ව සිටිමු.”

මයිකල් නියුමෝනියාව වැළඳීමෙන් පසු ඔහුගේ බිරිඳ ඈන් සහ පුත් ෆර්ගස් සමඟ සිටියදී රෝහලේදී මිය ගියේය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...