වාහන ආදායම් බලපත්‍ර නිකුතුවේ නව පද්ධතිය නුදුරේදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයිනේ පළාත් 8ක ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්‍රියාත්මක වන අතර , ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය eRL 1.0 ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා සියලුම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර කිරීමට සිදුවන බව සඳහන් වේ.

මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම ද 2023 ඔක්තෝබර් මස 06 වන දින මධ්‍යම රාත්‍රි 12 දක්වා තාවකාලිකව නතර කරන බවද දැනුම් දේ.

පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය නව්‍යකරණය කිරීමේ කටයුතු සිදුකර තිබෙන බවත්, eRL 2.0 නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් සංවර්ධනයක් ඇති කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් පියවරක් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...