රැලි තියලා අර්බුදය වහන්න බෑ, එන්න ඡන්දෙකට – සජබෙන් යළි ආණ්ඩුවට අභියෝගයක්

මහජන මුදල්වලින් සංදර්ශන පවත්වනවා වෙනුවට හැකි නම් මැතිවරණයක් පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

“රැලි තියලා, රැස්වීම් තියලා මේ අර්බුද වහන්න පුළුවන්කමක් නෑ. ආණ්ඩුවම කියනවා අපි මෙච්චර කාලයක් දේශපාලනය කළේ නෑ අපි රාජ්‍ය පාලනය කළා, දැන් දේශපාලනය පටන් ගත්තා කියලා. අපට කමක් නෑ ඕනෙ දේශපාලනයක් කරගත්තාට. හැබැයි මේ ආණ්ඩුව දේශපාලනය කරන්නෙ මහජන සල්ලි වලින්. මේ රැලි තියාගෙන දේශපාලනය කරන්න පටන් අරන් තියෙන්නෙ, බඩු බෙදන්න සූදානම් වෙන්නෙ මේ රටේ මහජනයාගෙන් හූරාගනිපු, අහිංසක ජනයාගෙ දහඩිය කඳුළු වලින්. ඒ මතින් රැලි පෙන්නන්න ගිහින් රැලි තියලා මහජනයාව ඇස්බැන්දුමෙන් මුළා කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් අපි කියනවා ඕවා පැත්තක තියලා එන්න ඡන්දෙකට. අපි ඕනෙ වෙලාවකට ඡන්දෙකට ලෑස්තියි. එතෙන්දි බලමු රැල්ලක්ද ආණ්ඩුවට විරුද්ධව තියෙන්නෙ කැරැල්ලක්ද කියන එක”

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...