ජනපති හා ඇමෙරිකානු ප්‍රබලම ව්‍යාපාරිකයන්ගේ හමුව

Date:

කොළඹ (LNW): එජා මහාමණ්ඩල 78 වන සැසියට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඇමෙරිකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් නිවියෝර්ක් හි පියරේ හෝටලයේදී “ශ්‍රී ලංකාවෙි ආර්ථික අවස්ථා” මැයෙන් වූ වටමේස සාකච්ඡාවක් පැවැත්වින.

ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ මහතා හා නිව්යෝර්ක් හි BCIU ව්‍යාපාර කවුන්සිලය මෙම හමුව සංවිධානය කල අතර ඊට එරට ප්‍රබලම සමාගම් 45 ක් පමණ එකුවූහ. තවද ශ්‍රී ලංකාවේ ප්‍රබල සමාගම් 18 ක්ද ඊට එක්වූහ.

වටමේසය ඇමතූ ජනාධිපතිවරයා ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම දැනට ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවර හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන පැහැදිලි කළේය. ව්‍යාරිකයන් ගේ පාර්ශවයෙන් මතුවූ ගැටලු රැසකට ද පිළිතුරු දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස හා ආයෝජන හරහා ලංකාවෙි සංවර්දනයට හවුල් වනලෙස ද ආරාධනා කළේය.

ප්‍රබල ඇමෙරිකානු සමාගම් හා ලාංකික සමාගම් එකට ජාලගතවීම ද මෙහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට එක්වූ සමාගම් වලින් බහුතරයක් පෝfචූන් 500 ට අයත්වීම ද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට විදේශ ඇමති අලි සබ්‍රි ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, ජනපති ලේකම් සමන් ඒකනායක, පෝට්සිටි හා ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජයවර්ධන හා ජනපති උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් එක්වුහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...