මුලතිව් මහෙස්ත්‍රාත් ඉල්ලා අස්වීමට ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි !

0
351

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සාමුහිකය විසින් අවධාරණය කර පෙන්වා දෙන්නේ, මුලතිව් මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පුර්ණ විමර්ශනයක අවශ්‍යතාව මතුවී ඇති බව‍යි.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ජීවිත තර්ජන පවතින බවට පවසමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතීයේ ආධිපත්‍ය සම්බන්ධ කාරණා සහ එහි පවතින බරපතළ තත්ත්වය සැලකිල්ලට ගෙන ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සමග මෙම කාරණය සම්පූර්ණයෙන්ම විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

තව දුරටත් නීතීඥ සාමුහිකය විසින් පවසා සිටින්නේ, විනිවිදභාවය ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන අතර පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ජනතාවට දැනුම්දිය යුතු බවයි.

රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසුරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, සාලිය පීරිස්, උපුල් කුමරප්පෙරුම යන නීතීඥවරුන් පිරිසක් නීතීඥ සාමුහිකය වෙනුවෙන් අත්සන් තබා ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??