*
Friday, October 11, 2024
spot_img

Latest Posts

පිහාටු මලේ ආඩම්බරයට ආයුබෝවන්!

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සිය ක්‍රීඩක ජීවිතයේ සමුගැන්ම අද ප්‍රකාශයට පත් කළේ ස්ව්ටිසර්ලන්තයේ ජාත්‍යන්තර ඔලිමිපික් මධ්‍යස්තානයේ සිටයි.අප වෙබ් අඩවියට අදහස් දක්වමින් නිලූක පැවසුවේ ඔහුගේ අවසාන වන්නේ ක්‍රිඩක දිවිය පමණක් බවය.අලුත් ආකාරයකින් ක්‍රිඩාවට සම්බන්ධ වෙමින් සිය අත්දැකීම් අනාගත පරපුර වෙත බෙදා දෙන්නට මෙන්ම ඔවුන්ගේ සංවර්ධනය උදෙසා වැඩ කිරීමටද තමන් අපේක්ෂා කරන බව නිලූක පෙන්වා දුන්නේය.
පහතින් දැක්වෙන්නේ ඔහු විසින් සමුගැනීම සටහනa කරමින් නිකුත් කළ නිවේදනය ය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම බැඩිමින්ටන් ක්‍රීඩකයා බවට අවිවාදිත නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කළ බව ප්‍රකාශ කරන්නේ,ඔක්තෝම්බර් පළමුවැනිදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වැඩ සටහනකට එක්වෙමින් සිටියදී ස්විට්සර්ලන්තයේ පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ සිටයි.


යුග දෙකක් ඉක්ම වූ ඉතිහාසයක ක්‍රීඩකයෙකු සාර්ථකත්වය සම්බන්ධයෙන් කළ යුතු කැපවීම් සම්බන්ධයෙන් පරමාදර්ශයක් ලෙස ගත හැකි නිලූක, දශක ගණනාවක් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශිය වශයෙන්ද බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ලෙස මෙ’රට ක්‍රීඩාවට ලබා දුන් දායාද නොමැකෙන මතක පොත්වල අතුරා, මෙතැන් සිට ක්‍රීඩක භූමිකාවෙන් ඉවත්ව සිටිනු ඇත.
ඉන්දුනීසියාවේ ජාතර්තා නුවර 2000 වර්ශයේ පැවති ආසියානු බැඩ්මින්ටන් සූරතාවලියට 15 හැවිරිදි ගැටවරයෙක් ලෙසින් සහභාගි වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඇරඹූ නිලූක, වසර 22 ක් පුරා විහිදෙන සිය බැඩ්මින්ටන් ඉතිහාසයේ සාර්ථකත්වයේ පදනම හැටියට හඳුන්වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තමන්ට තිබුණ දැඩි උවමානව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ධෛර්යෙන් සහ කැපවීමෙන් විනයානුකූලව තමන් විසින් පවත්වාගෙන ගිය කැපවීමයි.
නිරන්තර කැපවීම මෙන්ම සාර්ථකත්වය උදෙසා කළමණාකරනය කරගත් විනය සමඟ දැඩි අධිෂ්ඨානයකින් කරන ලද කැපවීම නිසා ඔහුගේ වෘත්තීය බැඩ්මින්ටන් ජීවිතය 17 වතාවක් ඔහුට ජාතික සූරයා වන්නට අවශ්‍යය මාර්ගය සකසා දුන්නේය.ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම ආගමක් ඇඳහීම තරම් භක්තියෙන් සිඳු කළ නිලූක, එම අසමාන කැපවීම නිසාම තෙවරක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය සඳහා වන දුර්ලභ භාග්‍යයේ හිමිකරුවා විය.ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දෙමින් ජාත්‍යන්තර ජයග්‍රහණ 34 ක් ලබා ගන්නට සමත් විය.


දැඩි ආශාව මෙන්ම හැකියාව ද සහිතව ක්‍රිඩාවේ නියැලෙන අයෙකුට එයින් ඉවත්වීම යනු පහසු කාර්යයක් නොවේය.
“මම කාලයක්ම මේ ගැන හිතුවා.ගොඩක් තරුණ ක්‍රිඩකයින් බිහිවෙමින් පවතිනවා.මට තවමත් ආශාව සහ උවමනාව තිබුණත් මං කැමතිම වෘත්තීය ජීවිතයෙන් නික්ම යාම සඳහා වෙලාව පැමිණ තිබෙන බවත්,ඊ ළඟ පරම්පරාවට වගකීම පැවරිය යුතු බවත්,ඒ පරම්පරාව සූදානම් කිරීම වෙනුවෙන් කැපවිය යුතු බවත් මට දැනෙනවා.අනාගතයේදී මට වඩා හොඳ ක්‍රීඩකයෙක් දැකීමේ ආශාවෙන් ඒ නිසා මං සමුගන්න තීරණය කරනවා.”
නිලූක ආදරය කරන ක්‍රීඩාවේ හැරයාමේ ප්‍රකාශය ගැන එසේ පවසනවා.
දෙ’වසරකට ඉහත ඔහු සිය 17 වන ජාතික සූරතාවය දිනාගත් මොහොතේම දේශිය තරග බිමෙන් ඉවත්වීම ප්‍රකාශ කළා.38 හැවිරිදි නිලූක සිය අවසන් ජාත්‍යන්තර තරගයට සහභාගි වුණේ මේ වසරේ පෙබරවාරි මාසයේ පෘතුගාලයේ ලිස්බන් නුවරදී යි.මේ වන විට ආදරණීය පිය පදවිය ද දරන නිලූක එය ක්‍රිඩාවේ කටයුතුවලට බාධාවක් කර නොගත්තත්,අනාගත පරපුරට වගකීම පවරන්නට සුදුසු මොහොත මෙය බව, දීර්ඝ වශයෙන් කළ කල්පනාවක ප්‍රතිපලයක් ලෙස මේ සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පවසනවා.


බැඩිමින්ටන්වලට සීමා නොවුණු සියලුම ක්‍රීඩාවල දියුණුව දැකීමට සම්බන්ධ වෙන්න මං කැමතියි.ක්‍රීඩකයෙක් ලෙස මගේ රට නියෝජනය සඳහා වෙහෙස වී වැඩ කළ විදිහටම මගේ රටට වෙනස් ආකාරයකින් සේවය කරන්න කැපවෙන්න.ඒ වගේම ඊළඟ පරම්පරාව දියුණු කරන්න”
අනාගත පුරා වෘත්තයක් බවට පෙර ලකුණු සටහන් කරමින් සිය විශිෂ්ඨත්වය විදහා පෙන්වීම නිලූක ආරම්භ කළේ 2000 වසරේදී යි.අට හැවිරිදි වියේදී බැඩ්මින්ටන් ක්‍රිඩාවට පිවිසෙන නිලූක,එම සුවිශේෂි අනාගත වටිනාකම් සුපැහැදිළි කරන්නට පටන් ගත් 2000 වසරේදී පහළොස්වන වියේ පසු වුණා.
ඔහුගේ බැඩිමින්ටන් ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වන්නේ දෙසතියක පුහුණුවක් සඳහා මෙට්ලන්ඩ් පෙදෙසේ බැඩිමින්ටන් මූලස්ථානයේ ගත කළ මුල් කාලයය.ඒ පුහුණුව මාල දිවයිනේ පැවති තරගාවලියක් වෙනුවෙන්ය.
“ පුහුණුකරු හැමදාම කියන්නෙ අපිට හැමෝම පරද්දන්න පුළුවන් ඒත් ඉන්දියාව බැහැ කියන එකයි.මං එතකොටත් රෝයල් වුණාට හැමදාම ආවෙ බලපිටියේ ඉදලයි.මට හැදී වැඩුණු පරිසරය තුළ මගේ දෙමව්පියන්ගෙන් ලැබී තිබුණ ආභාෂය වුණේ කරන්න බැරි දේවල් නැති බව නිසා පුහුණුකරුගේ කතාව මා විශ්මයට පත් කළා.තාත්තාත් රටේ නොසිටිය නිසා මට ඒක කියන්න විදිහක් තිබුණෙ නැහැ.මට බැහැ කියන එක මට හුරු දෙයක් නෙමෙයි.”
මේ තත්ත්වය මත නිලූක දින කිහිපයක්ම පුහුණුවෙන් පසුව හඬමින් සිටිනු දුටු සංචිතයේ සිටි ක්‍රිඩිකාවන් ඒ ගැන ඔහුගෙන් විමසා පසුව බැඩ්මින්ටන් බලධාරීන්ටත් දන්වා තිබෙනවා.
මම දිනන්න බැරිනම් සහභාගි වෙන්නෙත් නැහැ,සංචාරයට යන්නෙත් නැහැ”
නිලූකගේ මේ කතාව එවකට සභාපතිව සිටි එරාජ් විජේසිංහ මහතාගේ සියලු දිරි ගැන්වීම් නිලූක වෙත යොමු වන්නට මෙන්ම පුහුණුකරුට අවවාද දෙන්නටද හේතුවක් විය.
නිලූක පවසන්නේ එරාජ් විජේසිංහගෙන් ලැබුණු ඒ ධනාත්මක ප්‍රතිචාරය තමාගේ බැඩ්මින්ටන් ජීවිතයේ නැග්මට බෙහෙවින් හේතු වූ බවය.ඔහු එහි ලද දිරිදීම් සහ ආශිර්වාද මැද අදාළ තරගාවලියට සහභාගි වී අවුරුදු 16 න් පහළ රන් පදක්කම් තුනකටම හිමිකම් කියන්නටද සමත් විය.
ඔහුගේ වෘත්තීය දිවියේ වැදගත්ම සංධිස්ථානය වන්නේ ඔලිමිපික් නියෝජනයේ පළමු රාජකීය බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස 2012 දී ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය සහ එහිදී ජපානයේ අංක එක සමඟ ලෝක ශ්‍රේණිගත කිරිම්වල අංක අට වූ ක්‍රිඩකයා නිලූක ට පරාජය විය.එහිදී ඔහු හොඳම ක්‍රිඩකයන් 16 අතරට පැමිණි අතර ඔහුගේ දශක දෙකකට වැඩි වෘත්තීය බැඩිමින්ටන් ජීවිතය තුළ මහද්වීප පහම නියෝජනය වන පරිදි විවිධ රටවල්වල තරග කර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් රන් පදක්කම් ඇත.
බැඩිමින්ටන් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කර ඇති පිහිණුම් ක්‍රීඩාවේද දක්ෂතා පෙන්වා ඇති ලුවී කරුණාරත්න නිලූකගේ පියා ය.ඔහුගේ ආභාෂය උපදේශය පදනම් කරගෙන ආරම්භ කළ නිලූකගේ බැඩිමින්ටන් ජිවිතය තුළ හොඳම මාර්ගෝපදේශණය මෙන්ම ආශිර්වාද කරන්නා ද සිය පියා වූ බව නිලූක පෙන්වා දෙන්නේය.නිලූක ඒ ආදර්ශය, දිරි ගැන්වීම පදනම් කර ගනිමින් ජාත්‍යන්තර පිටියට පිවිස පළමු තරගයට මුහුණ දෙන්නේ ඒ අපූර්ව පුහුණුකාර පියාගේ උත්පත්ති දිනය සමරන 2003 නොවැම්බර් 6 වැනිදා ය.
“මේ ගමන නිරයානුබද්ධ අත්දැකීම් සමඟ පැමිණි අසීරු ගමණක්.සුන්දර සුව පහසු එකක් වුණේ නැහැ.නමුත් මං කුඩා කාලයේ සිටම දැඩි දුකෙන් වෙහෙසෙන් කැපවීමෙන් අත්පත් කරගත් සතුටුදායක සහ ජයග්‍රාහී It’s been a hell of a journey බොහෝ දේ තිබෙනවා.”
නිලූක පවසන්නේ ඒ සදහා නන් අයුරෙන් දායක වූ ආධාරකරුවන්,මාධ්‍යවේදීන්,පවුලේ ඥාතීන් මෙන්ම හිත මිතුරන්ද යුරෝපා සංචාරයෙන් පසුව හමු වී මේ සමුගැනීම ගැන සවිස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වන බවයි.

නිලූක ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම බැඩිමින්ටන් ක්‍රීඩකයා බවට අවිවාදිත නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කළ බව ප්‍රකාශ කරන්නේ,ඔක්තෝම්බර් පළමුවැනිදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වැඩ සටහනකට එක්වෙමින් සිටියදී ස්විට්සර්ලන්තයේ පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ සිටයි.
යුග දෙකක් ඉක්ම වූ ඉතිහාසයක ක්‍රීඩකයෙකු සාර්ථකත්වය සම්බන්ධයෙන් කළ යුතු කැපවීම් සම්බන්ධයෙන් පරමාදර්ශයක් ලෙස ගත හැකි නිලූක, දශක ගණනාවක් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශිය වශයෙන්ද බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ලෙස මෙ’රට ක්‍රීඩාවට ලබා දුන් දායාද නොමැකෙන මතක පොත්වල අතුරා, මෙතැන් සිට ක්‍රීඩක භූමිකාවෙන් ඉවත්ව සිටිනු ඇත.
ඉන්දුනීසියාවේ ජාතර්තා නුවර 2000 වර්ශයේ පැවති ආසියානු බැඩ්මින්ටන් සූරතාවලියට 15 හැවිරිදි ගැටවරයෙක් ලෙසින් සහභාගි වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඇරඹූ නිලූක, වසර 22 ක් පුරා විහිදෙන සිය බැඩ්මින්ටන් ඉතිහාසයේ සාර්ථකත්වයේ පදනම හැටියට හඳුන්වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තමන්ට තිබුණ දැඩි උවමානව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ධෛර්යෙන් සහ කැපවීමෙන් විනයානුකූලව තමන් විසින් පවත්වාගෙන ගිය කැපවීමයි.
නිරන්තර කැපවීම මෙන්ම සාර්ථකත්වය උදෙසා කළමණාකරනය කරගත් විනය සමඟ දැඩි අධිෂ්ඨානයකින් කරන ලද කැපවීම නිසා ඔහුගේ වෘත්තීය බැඩ්මින්ටන් ජීවිතය 17 වතාවක් ඔහුට ජාතික සූරයා වන්නට අවශ්‍යය මාර්ගය සකසා දුන්නේය.ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම ආගමක් ඇඳහීම තරම් භක්තියෙන් සිඳු කළ නිලූක, එම අසමාන කැපවීම නිසාම තෙවරක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය සඳහා වන දුර්ලභ භාග්‍යයේ හිමිකරුවා විය.ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දෙමින් ජාත්‍යන්තර ජයග්‍රහණ 34 ක් ලබා ගන්නට සමත් විය.
දැඩි ආශාව මෙන්ම හැකියාව ද සහිතව ක්‍රිඩාවේ නියැලෙන අයෙකුට එයින් ඉවත්වීම යනු පහසු කාර්යයක් නොවේය.
“මම කාලයක්ම මේ ගැන හිතුවා.ගොඩක් තරුණ ක්‍රිඩකයින් බිහිවෙමින් පවතිනවා.මට තවමත් ආශාව සහ උවමනාව තිබුණත් මං කැමතිම වෘත්තීය ජීවිතයෙන් නික්ම යාම සඳහා වෙලාව පැමිණ තිබෙන බවත්,ඊ ළඟ පරම්පරාවට වගකීම පැවරිය යුතු බවත්,ඒ පරම්පරාව සූදානම් කිරීම වෙනුවෙන් කැපවිය යුතු බවත් මට දැනෙනවා.අනාගතයේදී මට වඩා හොඳ ක්‍රීඩකයෙක් දැකීමේ ආශාවෙන් ඒ නිසා මං සමුගන්න තීරණය කරනවා.”
නිලූක ආදරය කරන ක්‍රීඩාවේ හැරයාමේ ප්‍රකාශය ගැන එසේ පවසනවා.
දෙ’වසරකට ඉහත ඔහු සිය 17 වන ජාතික සූරතාවය දිනාගත් මොහොතේම දේශිය තරග බිමෙන් ඉවත්වීම ප්‍රකාශ කළා.38 හැවිරිදි නිලූක සිය අවසන් ජාත්‍යන්තර තරගයට සහභාගි වුණේ මේ වසරේ පෙබරවාරි මාසයේ පෘතුගාලයේ ලිස්බන් නුවරදී යි.මේ වන විට ආදරණීය පිය පදවිය ද දරන නිලූක එය ක්‍රිඩාවේ කටයුතුවලට බාධාවක් කර නොගත්තත්,අනාගත පරපුරට වගකීම පවරන්නට සුදුසු මොහොත මෙය බව, දීර්ඝ වශයෙන් කළ කල්පනාවක ප්‍රතිපලයක් ලෙස මේ සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පවසනවා.
“බැඩිමින්ටන්වලට සීමා නොවුණු සියලුම ක්‍රීඩාවල දියුණුව දැකීමට සම්බන්ධ වෙන්න මං කැමතියි.ක්‍රීඩකයෙක් ලෙස මගේ රට නියෝජනය සඳහා වෙහෙස වී වැඩ කළ විදිහටම මගේ රටට වෙනස් ආකාරයකින් සේවය කරන්න කැපවෙන්න.ඒ වගේම ඊළඟ පරම්පරාව දියුණු කරන්න”
අනාගත පුරා වෘත්තයක් බවට පෙර ලකුණු සටහන් කරමින් සිය විශිෂ්ඨත්වය විදහා පෙන්වීම නිලූක ආරම්භ කළේ 2000 වසරේදී යි.අට හැවිරිදි වියේදී බැඩ්මින්ටන් ක්‍රිඩාවට පිවිසෙන නිලූක,එම සුවිශේෂි අනාගත වටිනාකම් සුපැහැදිළි කරන්නට පටන් ගත් 2000 වසරේදී පහළොස්වන වියේ පසු වුණා.
ඔහුගේ බැඩිමින්ටන් ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වන්නේ දෙසතියක පුහුණුවක් සඳහා මෙට්ලන්ඩ් පෙදෙසේ බැඩිමින්ටන් මූලස්ථානයේ ගත කළ මුල් කාලයය.ඒ පුහුණුව මාල දිවයිනේ පැවති තරගාවලියක් වෙනුවෙන්ය.
“ පුහුණුකරු හැමදාම කියන්නෙ අපිට හැමෝම පරද්දන්න පුළුවන් ඒත් ඉන්දියාව බැහැ කියන එකයි.මං එතකොටත් රෝයල් වුණාට හැමදාම ආවෙ බලපිටියේ ඉදලයි.මට හැදී වැඩුණු පරිසරය තුළ මගේ දෙමව්පියන්ගෙන් ලැබී තිබුණ ආභාෂය වුණේ කරන්න බැරි දේවල් නැති බව නිසා පුහුණුකරුගේ කතාව මා විශ්මයට පත් කළා.තාත්තාත් රටේ නොසිටිය නිසා මට ඒක කියන්න විදිහක් තිබුණෙ නැහැ.මට බැහැ කියන එක මට හුරු දෙයක් නෙමෙයි.”
මේ තත්ත්වය මත නිලූක දින කිහිපයක්ම පුහුණුවෙන් පසුව හඬමින් සිටිනු දුටු සංචිතයේ සිටි ක්‍රිඩිකාවන් ඒ ගැන ඔහුගෙන් විමසා පසුව බැඩ්මින්ටන් බලධාරීන්ටත් දන්වා තිබෙනවා.
“මම දිනන්න බැරිනම් සහභාගි වෙන්නෙත් නැහැ,සංචාරයට යන්නෙත් නැහැ”
නිලූකගේ මේ කතාව එවකට සභාපතිව සිටි එරාජ් විජේසිංහ මහතාගේ සියලු දිරි ගැන්වීම් නිලූක වෙත යොමු වන්නට මෙන්ම පුහුණුකරුට අවවාද දෙන්නටද හේතුවක් විය.
නිලූක පවසන්නේ එරාජ් විජේසිංහගෙන් ලැබුණු ඒ ධනාත්මක ප්‍රතිචාරය තමාගේ බැඩ්මින්ටන් ජීවිතයේ නැග්මට බෙහෙවින් හේතු වූ බවය.ඔහු එහි ලද දිරිදීම් සහ ආශිර්වාද මැද අදාළ තරගාවලියට සහභාගි වී අවුරුදු 16 න් පහළ රන් පදක්කම් තුනකටම හිමිකම් කියන්නටද සමත් විය.
ඔහුගේ වෘත්තීය දිවියේ වැදගත්ම සංධිස්ථානය වන්නේ ඔලිමිපික් නියෝජනයේ පළමු රාජකීය බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස 2012 දී ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය සහ එහිදී ජපානයේ අංක එක සමඟ ලෝක ශ්‍රේණිගත කිරිම්වල අංක අට වූ ක්‍රිඩකයා නිලූක ට පරාජය විය.එහිදී ඔහු හොඳම ක්‍රිඩකයන් 16 අතරට පැමිණි අතර ඔහුගේ දශක දෙකකට වැඩි වෘත්තීය බැඩිමින්ටන් ජීවිතය තුළ මහද්වීප පහම නියෝජනය වන පරිදි විවිධ රටවල්වල තරග කර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් රන් පදක්කම් ඇත.
බැඩිමින්ටන් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කර ඇති පිහිණුම් ක්‍රීඩාවේද දක්ෂතා පෙන්වා ඇති ලුවී කරුණාරත්න නිලූකගේ පියා ය.ඔහුගේ ආභාෂය උපදේශය පදනම් කරගෙන ආරම්භ කළ නිලූකගේ බැඩිමින්ටන් ජිවිතය තුළ හොඳම මාර්ගෝපදේශණය මෙන්ම ආශිර්වාද කරන්නා ද සිය පියා වූ බව නිලූක පෙන්වා දෙන්නේය.නිලූක ඒ ආදර්ශය, දිරි ගැන්වීම පදනම් කර ගනිමින් ජාත්‍යන්තර පිටියට පිවිස පළමු තරගයට මුහුණ දෙන්නේ ඒ අපූර්ව පුහුණුකාර පියාගේ උත්පත්ති දිනය සමරන 2003 නොවැම්බර් 6 වැනිදා ය.
“මේ ගමන නිරයානුබද්ධ අත්දැකීම් සමඟ පැමිණි අසීරු ගමණක්.සුන්දර සුව පහසු එකක් වුණේ නැහැ.නමුත් මං කුඩා කාලයේ සිටම දැඩි දුකෙන් වෙහෙසෙන් කැපවීමෙන් අත්පත් කරගත් සතුටුදායක සහ ජයග්‍රාහී වූ බොහෝ දේ තිබෙනවා.”
නිලූක පවසන්නේ ඒ සදහා නන් අයුරෙන් දායක වූ ආධාරකරුවන්,මාධ්‍යවේදීන්,පවුලේ ඥාතීන් මෙන්ම හිත මිතුරන්ද යුරෝපා සංචාරයෙන් පසුව හමු වී මේ සමුගැනීම ගැන සවිස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වන බවයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan