*
Friday, September 20, 2024
spot_img

Latest Posts

වෙරළ සංරක්ෂණය කිරීමේ දිගුකාලීන වැඩසටහනක්

රජය මේ වනවිට වෙරළ සංරක්ෂණය කිරීමේ දිගුකාලීන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. දිවයින වටා වෙරළ තීරය ඛාදනය වීම වැලැක්වීම එහි අරමුණයි .

සංචාරක ආකර්ශනීය වෙරළ තීරයක් ඇති කිරීම සඳහා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද එයට සමගාමීව ආරම්භ කෙරේ. ඊට සමෘද්ධි ප්‍රථිලාභීහු ඒ සඳහා සම්භන්ධ කර ගැනෙති. ව්‍යාපාරික ප්‍රජාවගේ සහ පළාත් පාලන ආයතන වලද සහය ලබා ගන්නා බව රජය පවසයි.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහනක් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත. වසර ගණනාවක් තිස්සේ වෙරළ විශාල ලෙස ඛාදනය වන බව හඳුනාගෙන ඇත. මේ වනවිටත් ගාලු පාර කහව ප්‍රදේශ වල වෙරළ සංරක්ෂණ කටයුතු අවසන්ව ඇත.ව්ගල් වැටි සහ වෙනත් කටයුතු උපයෝගී කර ගනිමින් සංරක්ෂණ කටයුතු දිගටම සිදු කිරීම රජයේ අරමුණයි.

මේ අනුව ක්‍රමයෙන් වැඩි වෙන සංචාරකයන්ගේ ප්‍රමාණයත් සමඟ ඔවුන්ගේ වැඩි අකර්ෂණයක් රැදී ඇති වෙරළ තීරය සංරක්ෂණ කිරීම ඉතාමත් වැදගත් තීරණයකි. ඒ අනුව මේ දින වල වැඩි ලෙස පැමිණෙන සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳ වැඩි ලෙස සොයා බැලීමටද සංචාරක අමාතවරයා ගුවන් තොටුපොළ බලධාරීන් උපදෙස් දී ඇත. එමෙන්ම මගී තදබදය අවම කිරීමට කඩිනම් පියවර ගන්නැයි ද එතුමා පවසා ඇත.

මසකට සංචාරකයන් 100,000 ක් මෙරටට පැමිණෙන තත්ත්වයක් වර්තමානයේ ණිර්මානය වී තිබේ. ඉදිරියේ දී එම සංඛ්‍යාව දෙගුණයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. ඊට සරිලන ලෙස ගුවන් තොටුපොළේ පහසුකම් ද වර්ධනය කෙරේ. ආගමන විගමන කටයුතු සහ සෞඛ්‍යමාර්ගෝපදේශයන්ට අදාල උපදෙස් වලට අදාල පියවර කෙටි කාලයකදී ඉටු කර ගැනීමට හැකිවන පරිදි සේවාද පුළුල් කර ඇත.

රජය සෑම විටම උත්සාහ ගන්නේ වසංගතය හේතුවෙන් වැටුණු රට නැවතත් පණගන්වන්නටය. ඒ සඳහා වත්මන් නායකත්වය සහ රජය ගතයුතු සෑම පියවරක්ම ගනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan