*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව පරිසරය සුරක්ෂිත කරයි ද?

තේ, කෝපි, රබර් වැනි වාණිජ වගාවන් සඳහා වනය විනාශ කළ යුරෝපීය ජාතීහු ඖෂධ පැළෑටි මුළුමනින් විනාශ කළහ. කංසා යනු ඖෂධයකි. ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය සිංහලයා දැන ගෙන සිටියේය. මී වෘක්ෂය යනු ද ඖෂධයකි. මී ඇටවලින් ලබා ගත් තෙල ආහාර පිසීමට මෙන්ම හන්දි රෝග සඳහා ද යොදා ගත්තේය. ඉංග්‍රීසිකාරයා කංසා තහනම් කළ අතර, මී ගස් කපා දැම්මේය. සුද්දාට එරෙහිව කැරලි ගැසූ ස්වදේශිකයා මට්ටු කිරීම සඳහා අපේ ආහාර භෝග විනාශ කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේය. සිංහලයා කෙමෙන් දුර්වල වූයේ සාම්ප්‍රදායික ආහාර හා ඖෂධ හිඟ වූ බැවින් යැයි කිව හැකිය. ඉංග්‍රීසිකාරයාගේ උපාය මාර්ගය සාර්ථක විය.

නිදහසින් පසුව ආණ්ඩු බලය ලබා ගත් ස්වදේශික නායකයන්ට ද වනය ආරක්ෂා කිරීමේ අලුත් උනන්දුවක් නොතිබිණි. මේ අනුව දසකයෙන් – දසකයට රටේ වන ගහනය ශීඝ්‍රයෙන් පහළට ගියේය. 1950 ගණන් වන විට මුළු භූමියෙන් 44%කට වඩා වන ගහනයක් නොතිබිණි. එය තවදුරටත් අඩු වී අද වන විට වනගහනය 22%කට පමණ පහළ බැස ඇත. වන විනාශයත් සමඟ පාරිසරික ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබේ. ඒවායෙහි තත්ත්වය කෙමෙන් බරපතළ වෙයි. නියඟය, ජල හිඟය, ගංවතුර, නාය යෑම් ඊට අදාළ විපත්වලින් කිහිපයක් පමණි. මේ වන විට වාතය ද ශීඝ්‍රයෙන් දූෂිත වන්නට පටන්ගෙන තිබේ. මේවාට ස්ථිරසාර විසඳුම් දීමට පියවර නොගත හොත් අනාගත පරපුරේ ජීවිත අර්බුදයට යනු ඇත.

වත්මන් ආණ්ඩුව වනය ඇතුළු පරිසරය සුරක්ෂිත කිරීම සඳහා සිය ප්‍රමුඛ අවධානය යොමු කර ඇත. එය අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. මෙවර අයවැයෙන් පරිසර සංරක්ෂණය සඳහා රුපියල් මිලියන දෙදහසක මුදලක් වෙන් කර තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ නැවත වන වගාව සඳහාය. පරිසර අමාත්‍යාංශයේ එක් තේමා පාඨයක් වන්නේ එක් අයෙක් එක් ගසක් යන්නය. එක් පුද්ගලයකු එක පැළයක් රෝපණය කොට එය සුරක්ෂිත කළ හොත් දෙකෝටි විසි දෙලක්ෂයක් ගස් අලුතින් පරිසරයට එකතු වන බව කිව යුතුය. එය වන ගහනය වර්ධනය වීමට විශාල බලපෑමක් ඇති කරනු ලැබේ. එක වෘක්ෂයකින් තවත් වෘක්ෂ පරිසරයට එකතුවෙයි.

පරිසර සංරක්ෂණය පාසලෙන් ආරම්භ කළ යුතු යැයි පොදු පිළිගැනීමක් තිබේ. එය නිවැරැදිය. දරුවා පරිසරය ගැන ඉගෙන ගනිමින් පරිසර සංරක්ෂණයට එකතුවීම ඔස්සේ අනාගතයට ගැළපෙන තිරසාර පරිසර සංවර්ධනයක් ගොඩනැඟිය හැකිය. පරිසර අමාත්‍යාංශය එම කටයුත්තට අත ගසා ඇති අතර, ඇතැම් පාසල් මේ වන විටත් එම වැඩසටහන ක්‍රියාත්මක කරයි. රජයේ කාර්යාලවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන වෙත ද වැඩසටහන ව්‍යාප්ත කළ යුතුය. මුළු රට පුරාම පරිසර‍ය පිළිබඳ මා හැඟි හැඟීමක් ඇති කිරීම ඉතා වැදගත්ය. අනාගත ලෝකය පිළිබඳ සංවාදයේ දී පරිසරයට ප්‍රමුඛ තැන ලැබීම නොවැළැක්විය හැකිය.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan