වැඩි වෙන තෙල් මිල හමුවේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ විකල්පය මෙන්න!

Date:

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමගම විසින් ඊයේ (01) දින යළි ඉන්ධන මිල වැඩි කර තිබෙන අතර දැන් හෝ ගාස්තු සංවර්ධන කමිටුව යාවත් කාලීන කරන ලෙස සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරන්නේ මේ වන විට සිපෙට්කෝ,IOC සහ සිනොපෙක් අතර ඉන්ධන මිලෙහි රු. 07.00 ක වෙනසක් පවතින බවත් වෙළෙඳපොලේ මෙලෙස මිල දෙකකින් ඉන්ධන මිල පැවතීමම ප්‍රශ්න සහගත බවයි.

නමුත් මේ මොහොතේ ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වීමක් සිදුනොකරන බවද ඔහු කියා සිටියි.

”ගොඩක් පෙට්‍රල් ෂෙඩ්වල හුලන් ගහන්න පොම්පයක් නෑ. කරුණාකරලා නිකන් දෙන හුලන් පොම්පය දෙන්න. අනිත් තැන් වල එක රෝදයකට හුලන් ගහන්න රුපියල් 29ක් ඕනේ. රියදුරන්ට අපි කියනවා සිනොපෙක් ගහන්න. ඒ වාසිය ගන්න. වාසිය මගියාට දෙන්න. රියදුරන්ගෙන් ඉල්ලනවා ගාස්තු වැඩි කරන්න එපා කියලා.” යනුවෙන් ධර්මසේකර මහතා ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...