ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමට පදක්කමත් වාර්තාවත් අහමි වේ.

Date:

වසර 17 ට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් දිනා ගත් රිදී පදක්කම මලල ක්‍රීඩා නීතිවලට අදාළව 17.3.1 යටතේ අහිමි කර තිබෙන බව ප්‍රතිපල ලේඛණයේ දැක්වේ.ධාවන පථ නීති උල්ලංඝණයක් ලෙස අර්ථ දක්වා ඇති එම නීතිය අනුව ක්‍රීඩකයෙක්ව අභිබවා යමේදී සිඳුවන බාධාවක් හෝ කුමන හෝ බාධාවක් ප්‍රතිවාදි ක්‍රීඩකයාට සිඳුවන්නේනම් එම අවලංගුවීම සිඳුවිය යුතු අතර චීනයෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එවැන්නක් පැහැදිළිව දර්ශනය නේවූ බවය.එසේම මීටර් 400 ධාවනයකදී ධාවන පථය වැරදි ස්පර්ශයක් වීමට ඇත්තේ ද අඩු ඉඩක් බැවින් එවැන්නක් ගැන ද දැන ගන්නට නොමැති බව චීනයෙන් ලැබෙන තොරතුරුවලින් හෙළිදරව් වන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිඳු කරමින් සිටින බවද වාර්තා වේ.


ඉතා විශිෂ්ඨ ධාවනයක යෙදුණ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ මුල සිටම පදක්කමක ස්තානය තහවුරු කරගෙන සිටි අතර අවසාන මීටර් 400 ධාවනය පැවරුණු තරුෂි කරුණාරත්න අති විශිෂ්ඨ ධාවනයක යෙදෙමින් හ්‍රී ලංකාව රිදි පදක්කමට සුදුසු තැන රැඳෙව්වාය.ශ්‍රී ලංකාවේ ස්ථානය අහිමි කිරීමෙන් පසුව දෙවන ස්ථානය ලබා දී ඇති ඉන්දියාව වාර්තා කර ඇති කාලය ලෙස දැක්වෙන්නේ 3:14.34 කි.ඒ අනුව ශ්‍රී ලංකාව වාර්තා කර ඇති කාලය ඊට වඩා ඉදිරියෙන් තිබෙන බැවින් දැනට ශ්‍රී ලංකා මිශ්‍ර මීටර් 400 සහය දිවාමේ වාර්තාව ලෙස පවතින විනාඩි 3:15.41 ට වඩා තත්පරයකින් පමණ වාර්තාව ඉදිරියට ගෙන එන ධාවනයක් ශ්‍රී ලංකාව නියැලී ඇති බව පැහැදිළි වේ.
වීඩියෝ දර්ශන මඟින් විනිසුරුවන් පෙන්වා දී ඇත්තේ දෙවන යශ්ටි හුවමාරුවේදී පළමු මීටර් 400 ධාවනයේ යෙදුණ අරුණ දර්ශන යශ්ටිය ලබා දීම සඳහා උත්සාහ කිරීමේදී ධාවනයේ යෙදුණ තෙවන ධාවන පථයේ සිට දෙවන ධාවන පථය ස්පර්ශ කරන බවය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...