ලොව පුරා පැතිර ගිය කොවිඩි වසංගත රෝග තත්ත්වය හමුවේ 2020 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව,හකළිස් තුන් ලක්ෂයක් වූ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන්, නිවාස තුළ ගත කරමින් සිටි පීඩාකාරි වාතාවරණය වඩාත් පලදායී සහ අර්ථවත් කිරීම සඳහා ගත් පියවරක් හැටියට හැඳින්විය හැකි “රටක් වටින පොතක්” ව්‍යාපෘතියේ ජයග්‍රාහකයන්ට සහතික ප්‍රදානය ඔක්තොම්බර් 3 වන දින පෙරවරු 11.30 ට කොළඹ 7, පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දේපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ ව්‍යාපෘතිය පොත් 10,000 ක් ජනගත කිරීමේ අභිප්‍රායෙන් ආරම්භ කළ ද කාලීන ගැටළු මත සහ දේශපාලනික වෙනස්කම් මත එම ව්‍යාපෘතියේ අවසාන පරමාර්ථය වෙනස් වූ අතර ව්‍යාපෘතිය වෙනුවෙන් කෘති ඉදිරිපත් කළ 43,131 ක් දරු දැරියන් අතරින් කෘතීන් 500 ක් නිර්දේශිත කෘති ලෙසත්, 100 ක් ප්‍රශස්ති කෘති ලෙසත් හඳුනාගෙන 600 ක් සඳහා සහතිකපත් ප්‍රදානයට කටයුතු සූදානම් කර ඇත.
එය සංඛේතවත් කරමින් සිය දෙනෙක් කැඳවා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හරහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය සූදානම් කර ඇති අතර එම අවස්ථාවට තවත් විශේෂ ආරාධිතයින් රැස්ක එක් වීමට නියමිතව ඇත.
නිෂ්මං රණසිහ
