මැකාතිට කතානායක පුටුව අහිමිවන ලකුණු

Date:

ඇමරිකා එක්සත් ජනපදයේ කතා නායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ෆ්ලොරිඩාවේ දක්ෂිණාංශික රිපබ්ලිකානුවෙකු වන කොන්ග්‍රස් සභික මැට් ගේට්ස් මෝසමක් ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සතියේ එක්සත් ජනපදයේ බිල්පත් ගෙවීමට භාණ්ඩාගාරයේ මුදල් නොමැතිවීමත් සමඟ රජයේ කටයුතු අනහිටිමකට ලක්වන්නට ගිය අවස්ථාවේ දී ආයතනවල කටයුතු කරගෙන යාම සඳහා නොවැම්බර් 17 දක්වා රජයේ අරමුදල් දිගු කිරීම සඳහා වන වියදම් පනතක් ගෙන ඒමට මැකාර්ති විසින් දක්වන කළ සහයෝගය ඔහුට විරුද්ධව ඔහුගේම පිළේ අය ඉදිරිපත් වන්නට හේතු ලෙස සඳහන් කර තිබේ.

ජෝ බිඩෙන් පනතට අත්සන් කිරීමට පෙර කොන්ග්‍රසය සහ සෙනෙට් සභාව යන දෙකම අඛණ්ඩ යෝජනාවක් ලෙස හැඳින්වෙන පනත් කෙටුම්පත සම්මත කළ අතර ආන්ඩුව විවෘතව තබා ගැනීම සඳහා කථානායකවරයා ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හා යුක්රේනයට අමතර අරමුදල් සැපයීම සඳහා බිඩෙන් සමඟ රහස් ගනුදෙනුවක් ගෙන ඒම හේතුවෙන් මැකාති නෙරපා හැර ඒ වෙනුවට ස්ටීව් ස්කැලිස් ගෙන ඒමට තමා පියවර ගන්නා බවට ගේට්ස් අනතුරු අඟවා තිබිණි.

මෙහිදී මැකාති සඳහන් කර තිබුණේ, ලක්ෂ සංඛ්‍යාත ෆෙඩරල් කම්කරුවන්ට වැටුප් නොමැතිව යාමට බල කළ හැකි වසා දැමීමක් වැළැක්වීමට තමා කටයුතු කළ බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...