ඉන්දියාව දියුණු උනේ ඉංග්‍රීසි භාෂාව නිසා – නාලක ගොඩහේවා

Date:

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ ධනවත් රටක් බවත් ඉන්දියාව සිටියේ ඊට පියවර කිහිපයක් පසුපසින් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කෙසේ නමුත් නිදහස ලබා දශක 07 ක් ඉක්ම යනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව පසුකර පියවර ගණනාවක් ඉදිරියට ගොස් ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බවිය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දියාව දියුණු වීමේ රහස එරට තුළ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම බවත්, ඉන්දියාවේ බොහෝ තරුණ තරුණියන් අද කටයුතු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බවත් ගොඩහේවා මහතා සඳහන් කරනවා. ඉංග්‍රීසි අධ්‍යාපනය අතින් පකිස්තානයද ශ්‍රී ලංකාව අභිභවා ගොස් ඇති බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ ඉංග්‍රීසි භාෂාව නොමැතිව ගෝලීය වෙළඳපොලට ඇතුළුවීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට නොහැකි වී ඇති බවයි.

නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර ඇති ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ පළමු අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලාංකික රැකියාවක් ලබා ගැනීමට යාමේදී මතුවන ප්‍රධානතම ගැටලුව ආත්ම විස්වාසය නොමැතිකම බවත්, ඒ් සඳහා හේතු වී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට නොහැකි වීම බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

‘හුඟක් වෙලාවට සම්මුඛ පරීක්ෂණයකට ගියහම වචනයක් දෙකක් හරි ඉන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉංග‍්‍රීසියෙන් අහනවා. ඇහුවේ නැතත් අහයි කියලා බයේ යන්න කලින්ම ආත්ම ශක්තිය කඩා වැටිලා තමයි එතනට යන්නේ. පහුගිය කාලේ මම හුඟක් දරුවෝ පුද්ගලික අංශයේ රැකියාවලට යොමු කරන්න උත්සාහකළා. ඒ ආයතනවලට කතා කරලා ඒ දරුවන්ව රැකියාවලට ඇරියහම, ඒ රැකියාවලට මං වෙනුවෙන් ගන්න කැමැත්ත තිබුනත් ඒ දරුවෝ සම්මුඛ පරීක්ෂණයට ආවහම ඒ අය කියනවා ඇමතිතුමා තරහා වෙන්න එපා ඒ දරුවෝ ගන්න බැහැ. සම්මුඛ සාකච්ඡාවලටවත් මුහුණ දී ගන්න බැහැ. කතා කරගන්න බැහැ. වෙව්ලනවා. අපි කොහොමද ගන්නේ. එහෙනම් රැකියාවලට එක එක්කෙනාට වැඳ වැඳ රැකියා ඉල්ල ඉල්ල යවන්න කලින් දරුවන්ව රැකියාවලට යවන්න පුළුවන් වෙනසක් කරන්නට ඕනේ. ඒ වෙනස කරන්න පුළුවන් ප‍්‍රධානම ක‍්‍රම දෙකක් තමයි, පළවෙනි එක ඒ දරුවන්ගේ ඉංග‍්‍රීසි මට්ටම ඉහළ නංවන එක. දෙවන එක තමයි අපි කියනවා මෘදු කුසලතා, හැසිරෙන විදිහ, කතා කරන විදිහ, තමුන් අඳින පළඳින විදිහ මෙන්න මේවා පිළිබඳ දැනුමක් දරුවන්ට ලබාදෙන එක.’

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...