සතුන් නිසා වසරකට රු. බි. 20කට ආසන්න අස්වනු හානි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද(05) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා රිළවුන් නිසා සිදුවන වගාහානි සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසූවේ, වන සතුන් නිසා වසරකට රුපියල් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් දළ වශයෙන් අස්වැන්න හානි වෙන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජය දිගින් දිගටම කටයුතු කරන බවත්, චීන සමාගමක් මෙරටින් රිළවුන් ලක්ෂයක් ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් තානාපති කාර්යාල හරහා නිල වශයෙන් ඉල්ලීම සිදු කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

මේ සිද්ධියට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර චීනයට අපහාස කළ නිසා චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය හරහා මෙවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බව කියා සිටි අතර, ඇතැම් පරිසර සංවිධාන අධිකරණය දක්වා ගිය අතර තවත් රටවල් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් විමසීම් කළ බවද අමත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ගොවීන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් මෙම පාඩුව සිදු වී ඇති අතර අමාත්‍යවරයා පෙන්වා දුන් අතර ඒ හේතුවෙන් රිළවුන් නිසා වසරකට රුපියල් මිලියන 200ක පමණ පොල් අස්වැන්නක් විනාශ වන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනතාව මේ සඳහා විරුද්ධ නොමැති නමුත් ඇතැම් පරිසර සංවිධාන මීට විරුද්ධ වී තිබෙන බවත්, මේ සඳහා ජාත්‍යන්තරයෙන් පවා උපදෙස් ලබා ගත බවත් පරිසර සංවිධාන මුණ ගැසී ඔවුන්ගෙන් යෝජනා ඉල්ලුවත් සාර්ථක යෝජනා ඉදිරිපත් නොවූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...