මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ජෝන් ෆොස්ට

Date:

2023 වසරේ සාහිත්‍ය වෙනුවෙන් කළ අමරණිය සේවය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය නෝර්වීජියානු කතුවරයෙක් සහ නාට්‍යකරුවෙකු වන ජෝන් ෆොසේ නිර්මාණය කළ ‘නොකිය හැකි දේට හඬ දෙන’ නව්‍ය නාට්‍ය සහ ගද්‍ය වෙනුවෙන් පිරිනමා ඇති බව වාර්තා වේ.

1959 සැප්තැම්බර් මස 9 වන දින උපත ලද ජෝන් ෆොස්, බර්ගන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී සංසන්දනාත්මක සාහිත්‍යය හැදෑරූ අතර පසුව සාහිත්‍ය වෘත්තියක් ආරම්භ කරනු ලැබිය. ඔහුගේ පළමු නවකතාව වුයේ 1983 දී ප්‍රකාශයට පත් කරන ලද Raudt, svart (රතු, කළු), ය. ඔහුගේ පළමු නාට්‍යය වුයේ 1994 රඟ දැක්වූ And We’ll Never Be Parted ය. ජෝන් ෆොස් නවකතා, කෙටිකතා, කවි, ළමා පොත්, රචනා සහ නාට්‍ය ගණනාවක් නිර්මාණය කර ඇති අතර ඔහුගේ කෘති භාෂා හතළිහකට වැඩි ගණනකට පරිවර්තනය කර ඇත.

1901 දී නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ කළ අතර රසායන විද්‍යාව, මනෝවිද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය, සාමය හා ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා පුද්ගලයින්ගේ විශිෂ්ට දායකත්වය ඇගයීම සඳහා මෙය පිරිනමනු ලැබේ. එය මේ වන විට සාහිත්‍ය කටයුතු සඳහා දායක වූ පුද්ගලයන් 119 දෙනෙකු වෙනුවෙන් ප්‍රදානය කර ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...