හිටපු මහ බැංකු අධිපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කැදවයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) දින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යළි කැඳවා ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා දුන් ප්‍රකාශය පිළිබඳ අද දිනයේ කාරක සභාවේ සාමාජිකයින් ප්‍රශ්න කරනු ඇති බව, රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පවසයි.

රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම කුමන්ත්‍රණයක් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා කාරක සභාව හමුවේ ප්‍රකාශ කළාය.

තවද, රට බංකොළොත්වීම පිළිබඳව සකස් කළ වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු විමසීම අරමුණු කරගනිමින්, රට බංකොලොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විගණාකාධිපතිවරයාද කැඳවීමට තීරණය කර ඇති බව සාගර කාරියවසම් මහතා කියා සිටී..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...