එළඹෙන සතියේදී විදෙස් නියෝජිතයින් රැසක් මෙරටට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඔක්තෝබර් 11 වනදා 23වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සංවාදය සඳහා සහභාගී වීමට විදෙස් නියෝජිතයින් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

මෙහිදී බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව යන රටවල නියෝජිතයින් ද මෙම සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර, එහිදි ඉන්දියානු සාගර කලාපීය සංගමයේ වත්මන් සභාපති ධුරයේ කටයුතු කරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍යවරයා වෙත සභාපති ධුරය පිරිනැමීමට නියමිතව බව වාර්තා වේ. මේ වසරේ සිට 2025 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතීත්වය දරනු ඇත.

මෙවර සංවාදයේදී සාකච්ඡා කිරීමට නියමිත වන්නේ, වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය සහ ආර්ථිකය ඇතුළු සංගමය විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳවයි.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ , විදෙස් රටවල අමාත්‍යවරුන් සහ නියෝජිතයින් මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...