මුම්බායි හි මහල් ගොඩනැගිල්ලක ගින්නක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) අළුයම 3 ට පමණ , මුම්බායි හි Goregaon හි මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් මුම්බායි හි රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර, ගින්නෙන් මියගිය පුද්ගලයන් හත් දෙනාගෙන් දෙදෙනෙකු දරුවන් බවට වාර්තාවේ. තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනාගෙන් 12 දෙනෙකු පිරිමින් බවත් 28 දෙනෙකු කාන්තාවන් බවත්, එක් දරුවකුද ද සිටින බවත් සඳහන් වේ.

මේ වනවිට ගින්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...