ශ්‍රී ලංකා – ඇමෙරිකා සබඳතාවලට වසර 75 ක් පිරීමේ වොෂින්ටන් තානාපති කාර්යාලයේ සැමරුම

Date:

ශ්‍රී ලංකාව හා  ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවට වසර 75 ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ පසුගියදා විදේශ ඇමති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවය හරහා දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් විය.

          වොෂින්ටන් උත්සවය සදහා රුපියලක් හෝ ශ්‍රී ලංකා රජයෙන් ලබා නොගැනීමට තානාපති මහින්ද සමරසිංහ ක්‍රියා කිරීම ද විශේෂත්වයකි. මෙම අවස්ථාවට ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව, US Aid, ලෝක බැංකුව, IMF ඇතුළු ඇමෙරිකානු රජයේ හා සෙසු ආයතන වල ඉහළම ප්‍රබලයන් හා සෙනෙට් හා කොංග්‍රස් සභිකයන් මෙන්ම තානාපතිවරු  හා ලාංකිකයන්  ඇතුළු 400 ක් එක්වූහ.

      උත්සවය ඇරඔුණේ ශ්‍රී ලංකා හා ඇමෙරිකානු ජාතික ගී ගායනා කිරිමෙනි. පිළිගැනීමේ කතාව කල තානාපති මහින්ද සමරසිංහ මහතා:  “දෙරටේ මිත්‍රත්වය ඉතිහාසගතයි. ඇමෙරිකාවේ ඕල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරඹුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කළා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඹුවා. ලංකාව සුනාමියට බිලි වී පැය 48 ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කළා. ඇමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කළා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි.”

     අනතුරුව US Aid වෙනුවෙන් ක්ලින්ටන් වයිට් මහතා කතා කරමින් 1956 සිට US Aid ලංකවට කල උදව් මෙන්ම ඉදිරියටත් උපරිම සහාය දෙන බව කීය. දකුණු හා මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ දෙරටේ තරුණ පරපුර එක්ව ගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවය.

         සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මහතා : “ජනපති රනිල් මැතිතුමා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඔූවා. ඇමෙරිකානු වානිජ මණ්ඩලය හා කතා කොට ලංකාවට උදව් කරන හා ආයෝජන ගෙනයන වැඩ පිළිවෙළ හදනවා. තානාපකි මහින්ද ගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි.”

       විදේශ ඇමති අලි සබ්‍රි මහතා කතා කරමින්, “ආර්ථිකය සහජීවනය හා සෙසු ක්ෂ්‍රේත්‍ර වලට ඇමෙරිකාව ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහාය අගය කරන අතර ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තරවූණා. අපේ විදේශ සේවයත් ශක්තිමත් වූණා” යැයි කීය.

        ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිංහල දෙමළ හා මුස්ලිම් ආහාර පාන වලින් ආරාධිතයින්ට සංග්‍රහ කළ අතර සියලු සංස්කෘතීන්ට අයත් කලා සංගීත නැටුම් බෙර වාදනවලින් ද සැඳෑව වර්ණවත් වූ අතර ආරාධිතයහු ඉන් ප්‍රමෝදයට පත් වූහ.

ජයනාත වරකගොඩ, අචිලා පෙරේරා චතුරි, සෙරන්ඩිබ් නර්තන කණ්ඩායම හා අංජලිකා එම ඉදිරිපත් කිරීම් සිදුකලහ. පිටු 54 කින් යුතු වර්ණවත් සමරු පොතක් හා ශ්‍රී ලංකාවේ තේ පාර්සලයක් ද සියලු ආරාධිතයන්ට බෙදා දීම සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...