*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම (අශෝක ජයතුංග විසිනි)

? “ඇමෙරිකන් හා බටහිර ගැති රනිලා” උන්ටම නෙලීම….??

?දේශසීමා කැඩුවොත් වෙඩි තියනවා. රනිල් ඉන්දියාවට දාපු පාට්….!!

?ආදායම් බදු එකේ අය රට හිරකලා – රනිල් කඩුව අතට..??

?කපටි නරියාගේ අලුත්ම “ටයිටල්” එක. බටර් ගාමින් ආශු කීදේ…!!

? වොෂින්ටන් මහින්ද ඇමෙරිකාව කළඔයි….??

? කෙහෙළිය වලේ වැටීම හා මොළයේ වර්ධනය….??

? පොලිස්පතිට ස්වීප් ඇදෙයි…??

රනිල් තරම් ජාතික හා ජාත්‍යන්තර මෙන්ම මාධ්‍ය අත්දැකීම් ඇති අයෙක් ලංකාවෙි නැත. එහෙත් ජර්මනියේ බර්ලින් සංසදයට ගොස් ලකුණු රැස්කළ ද DW නාළිකාවේ දී රනිල් ඇදගෙන නාපු බවට විග්‍රහ ආවේය. එහෙත් එය සිංහල සිරස් සමඟ වහාම රට හමුවේ තැබිය යුතු බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න තීන්දු කළේ එය බහුතරයක් චූන් කලහැකි අවස්ථාවක් බව දන්නා බැවිනි.

රනිල් යනු දැඩි සංයමයකින් කටයුතු කරන අයෙකු වුවද ජර්මනියේදී එය ගිළිහුනා ද නැතහොත් හිතාමතාම කලාදැයි දන්නේ ඔහුම පමණි. කවදත් ලොකු පාට් හුරුපුරුදු රනිල්ගේ උද්දච්ඡකමට මෙදා බිළිවුයේ බටහිර රටවල්ය. ඔහු ගැහුවේ ඇමෙරිකාවේද කණ ළඟින් යන්නටය. “ඇමෙරිකන් හා බටහිර ගැති රනිලා” යයි කියමින් සිටි එවුන්ට තක්කු මුක්කු වුයේය. එම පිරිස එතනදී ඇමෙරිකන් හා බටහිර කඳවුරේ සුවච ගෝලයන්වී පෙරළා රනිල් ට නෙලීම ද අපූරුය. එදා බටහිර ගැතියා කී කටවල්ම අද බටහිරට රනිල් ගහනවායි දුක් වෙති. දේශසීමා කැඩුවොත් වෙඩි තියනවා යි රනිල් එදා ඉන්දියාවට දුන් ෂොට් එක ද ඔවුන්ට අමතකය.

“එතුමා තම එඩිතරකම ගැති නැතිකම සෘජුබව පළකලා. රටේ හා ආසියාවේ ගෞරවය, වෙනුවෙන් පෙනීහිටියා. ‘වොයිස් ඔfප් ඒෂියා & ඇප්‍රිකා’ කියල නමකුත් පටබැඳුනා. බහුතර ජනතාව ඒ ඉන්ටවිව් එකට සතුටුයි. ඒත් විරුද්ධවාදීන් දන්නවා ඒ සාකච්ඡාවෙන් ලකුණු වැටුණ බව .පහර දෙන්නෙ එ්කයි. තරහ නොගෙන උපහාසයෙන් දීපු උත්තර නියමයි. හැමදාම යටවෙලා බෑ. උත්තර නොදීත් බෑ” මහාචාර්ය ආශු මාරසිංහ රනිල්ට පළිහ අල්ලමින් ගෑ බටර් පාර සියලු දෙනා අනුමත කලහ.

බ්‍රිතාන්‍ය ජර්මනිය තමන්ගෙ ප්‍රශ්න ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කලාදැයි රනිල් කණ හරහා දුන්නේය. ඒ රටවල පවතින විනිවිද ක්‍රම ලංකාවේ තිබෙිදැයි ප්‍රශ්න ආවේ නැති වුවද එවැනි විනිවිද බවක් ලංකාවේ ඇති කිරීමට ජනපති තුළ පවතින අපේක්ෂාව එතනදී මූර්තිමත්වීම වැඩදායකය.

“රනිල් දැන් ජාතිවාදී වෙලාද. කෝට් එකට උඩින් සාටකයක් දාගන්න” සජබ අයෙක් කීවේ බැරිම තැනය.

රනිල් ජත්‍යන්තරය කළඔන අතරේ මහින්ද සමරසිංහ ඇමෙරිකාව කැළඔීය. ඒ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික බවට වසර 75 ක් පිරෙන දා වොෂින්ටන් DC තානාපති පරිශ්‍රයේ දී දැවැන්ත සැමරුමකට එරට ප්‍රබලම පිරිස් කැඳවා ලංකාවේ විභූතිය සංස්කෘතිකාංග ආහාර පාන ඔවුන්ට පිළිගන්වාය. ඒ සඳහා ලංකා රජයෙන් රුපියලක් හෝ ලබා නොගැනීම ද විශේෂත්වයකි.

” මෙතුමා තානාපතිවූ දා සිට දෙරට අතර බැඳීම වැඩිවෙලා ඇමෙරිකන් සහායත් ඉහළ ගියා. අපේ විදේශ සේවයත් ශක්තිමත් වුණා” විදේ ශ ඇමති සබ්‍රි කීවේ එරට ප්‍රබල පිරිස් ද එවැනිම ආකල්ප සභාවේ පතුරද්දීය. 2023 ලෝක සංස්කෘතික උළෙලට ද ලංකාව සහභාගීවී විශාල ගෞරව දිනා ගත්තේ ද තානාපති මහින්ද හා පිරිසේ කැපවීම තුළය.

වලක වැටීම මොළයට ලාභයක් සේ සෞඛ්‍ය ඇනීමෙන් කෙහෙළියට මොළේ ලැබෙමින් තිබෙි. හදිසි මිලදී ගැනීම් නවතා රටට හා රෝගීන්ට අලාභ කල බවට කෙහෙළියගේම නියෝජිතයෙක් බෙහෙත් කොම්පැණියකට එරෙහිව CID යාම කාගේත් සතුට හේතුවී තිබෙි.

“කෙහෙළිය එහෙම විනිවිදව වැඩ කරනව නම් ඇමති මාරු මොකටද. කවුරු ඇමති වුණත් ප්‍රතිපාදන හිඟ නම් සෞඛ්‍ය ගොඩ ගන්නෙ කොහොමද කියල ඇමතිකම ගන්න කියපු කෙනාම මට කිව්වා” මාධ්‍යකරුවෙකු කීවේ ජනපතිට ය.

“රන් පදක්කම් දිනූ කරුෂිට වහාම කෝල් එකක් අරන් දෙන්න” ජනපති නීවේ ලේකම් සමන් ඒකනායකට ය.

“ලංකාවට ආවාම හම්බ වෙමු”ජනපති ඇයට කීවේ සුබ පතමිනි.

පොලිස්පති ගේ කාලය අවසන්ය. ඔහුට යළි ස්වීප් ඇදෙන ලකුණු ය.

“IMF කියන විදියට මිනිසුන්ට තව බරදාන්න බෑ. ජනතාව කැප වුණා. ආදායම් බදු එකේ වැඩ නිසයි රට හිරවුණේ” කපටි නරියාගේ ඒ “හූව” සනීපදායක නොවන බව බදු දැල හිල් කරන පිරිසට දුන් තද රතු සංඥාවකි.

අශෝක ජයතුංග (ඇමරිකාවේ වොෂිංටන් නුවර සිට)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan