භාණ්ඩ වල මිල හා වර්ගය ප්‍රදර්ශනය නොකරන්නන්ට දැඩි නීති !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති ඇතැම් භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ගැටලු පවතී. මේ අනුව සලකා බලා පොල්තෙල්වල වර්ගය හා මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේ අදාළ මිල ප්‍රදර්ශනය හා වර්ගය පාරිභෝගිකයාට හඳුනාගත හැකි වන පරිදි ප්‍රදර්ශනය නොකරන බෙදාහැරීම් ආයතන හා සිල්ලර වෙළෙඳසැල් මුද්‍රා තබන බවත් අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දුන් බවයි.

එමෙන්ම මේ වන විට වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වල බහුලව පවතින අහිතකර පිළිකාකාරක රසායනිකයක් වන ඇෆොලටොක්සින් අඩංගු බවට පැමිණිලි ලැබී ඇති අතර මේ හේතුවෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල්වල සෑම මසකටම අහඹු ලෙස නිශ්චිත ඉලක්කගත සාම්පල තොග පරික්ෂා කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර ආනයනය කෙරෙන පොල්තෙල් එම අවස්ථාවේදී පරික්ෂාවට ලක් කරන ලෙසද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා ඇත,

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...