*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසකට විසදුම් ලබා දුන්නා – සජිත් ප්‍රේමදාස මහතා

මෙවර ගුරු දිනයේ තේමාව වී ඇත්තේ ලොව පුරා ඇති ගුරු හිගයට තිරසර විසදුමක් ලබා දීම වුවත් ඒ ගැටලුව කොතෙක් දුරට විසදී ඇත් ද යන්න ගැටලුවක් බවත් ගුරු, විදුහල්පති, අනධ්‍යයන, උපදේශක, අධ්‍යාපනඥ, සංවර්ධන නිලධාරී හා අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රවල ගැටලු විසදෙන විට තෘප්තිමත් මානව සම්පතක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණය වන බවත් මේ ගැටලු එක පෑන් පහරින් විසදන බවට පොරොන්දු විය නොහැකි බවත් එවැනි මංමුලා වූ ප්‍රතිගාමී දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ, විපක්ෂයේ සිටින අතරතුර විවිධ අඩුපාඩුකම් විවේචනය කරනවා මෙන්ම රජයේ පාර්ශ්වය සමග සාකච්ඡා පවත්වා ධනාත්මක ලෙස ප්‍රශ්න විසදන බවත් ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තලයන් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තමාට ඇති බවත් අඩුපාඩු පෙන්වීම ලේසි වුවත් විපක්ෂයේ සිට ප්‍රශ්න විසදීම අමාරු කාර්යයක් බවත් ඒ කාර්යය කෙසේ හෝ සිදු කළ බවත් එහි දී කිසිදු අවස්ථාවක කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණක් නොමැති බවයි.

සමගි ජන බලවේග රජයක් යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස් 7 සමඟ සමාජ ගිවිසුමක් ඇති කර ගෙන ක්‍රියාත්මක කරන බවත් මෙය මැතිවරණය ළං වන විට දෙන පොරොන්දුවක් නොවන බවත් අලුත් බලවේගයක් ලෙස අලුත් මැද මාවතක් අනුගමනය කරන බවත් මේ ගමන තුළ බලය ලැබිමට පෙර සිටම යම් කිසි සේවාවක් ඉටු කිරීමට හැකි වූ බවත් 75 වසරක ඉතිහාසය තුළ කිසිදු දවසක විපක්ෂයක් ඉටු නොකළ වැඩ පිලිවෙළක් සමගි ජන බලවේගය විසින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

රටේ ප්‍රශ්නවලට ලක්ෂ 220ම විසදුම් හොයන යුගයක මේ සෑම ප්‍රශ්නයක් විසදීම සදහා ඩොලර් සහ රුපියල් ද අවශ්‍ය බවත් වැටුප් විෂමතා හා වැටුප් වර්ධක ගැටලු විසදීම සදහා ද මුදල් අවශ්‍ය බවත් ඒ සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට නම් ආර්ථිකය කුඩා නොකර ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු වුවත් මේ රජය වැරදි තැනකින් පටන් ගෙන ජන ජීවිතයත් ආර්ථිකයත් කුඩා කිරිම සිදු කරන නමුත් සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මේ තත්ත්වයෙන් රට ගොඩ ඒමට නම් ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බවත් , රජය සිදු කරන මේ වැරදි දේ නිසා අපේක්ෂා කරන රාජ්‍ය ආදායම ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ නිසා අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය පවා ලැබිම ප්‍රමාද වී ඇති බවත් මෙම මූල්‍ය ගැටලු විසදීමට නම් ආර්ථිකය වර්ධනය කර රාජ්‍ය ආදායම වර්ධනය කළ යුතු බවත් ඒ තුළින් වැටුප් විෂමතා ඇතුළු ගැටලු රාශියක් විසදිය හැකි බවත් විපක්ෂ නායකවරයා කියා සියේය.

තවද වෙනත් පක්ෂ වගේ බොරු කියන්න, අන්දවන්න සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් බලය ලැබුණු විගස මේ සියලු වැඩකටයුතු ක්‍රමානුකූලව ක්‍රමිකව අවංකව පිරිසුදුව විනිවිදභාවයෙන් යුක්තව ඉටු කරන බවත් මේ එළඹ ඇත්තේ අඩුවෙන් කතා කර වැඩිපුර වැඩ කිරීමේ කාලය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රටේ පාසල් වැසී යාමේ අවදානමක් ඇති බවයි.

මේ පාසල් වැසී යාම වැළැක්වීමට නම් සෙවන සරන මා පිය ක්‍රමය මෙන්ම කැපකරු පාසල් ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඊට අමතරව නැවුම් වැඩපිළිවෙළක් තුලින් සම්පත් ලබා ගෙන පාසල් පද්ධතිය ගොඩ නැගිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ සංවෘත රටක් ලෙස නොව ලොවට විවෘත වූ රටක් ලෙස නව තාක්ෂණයෙන් දැනුමෙන් පාසල් පද්ධතිය සන්නද්ධ කළ යුතු බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) ගුරු දිනයට සමගාමීව සමගි අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ ගුරු හරසර 2023 වැඩසටහනට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan