එක්සත් ජනපදයේ නව කතානායකවරයා ස්ටීව් ස්කැලිස් ද ?

Date:

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කථානායකවරයා තොර පත් කර ගැනීමට ජිම් ජෝර්ඩන් හා ස්ටීව් ස්කැලිස් අතර පැවති රහස් ජන්දයෙන් ජිම් ජෝර්ඩන් 99ක් හා ස්ටීව් ස්කැලිස් 113ක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ජයග්‍රහණය වෙනුවෙන් රිපබ්ලිකානුවන් 221 දෙනාගෙන් අවම වශයෙන් ජන්ද 217ක් අවශ්‍යවන අතර ස්ටීව් ස්කැලිස් තම පක්ෂයේ ප්‍රමාණවත් ඡන්ද සොයා ගැනීමට පොරකමින් සිටින බවයි වාර්තා වන්නේ.

හිටපු කතානායක කෙවින් මැකාති ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සිය පක්ෂයේම අභ්‍යන්තර කැරැල්ලකින් කතානායක තනතුර අහිමිවීමත් සමඟ ඇතැම් නීති සම්පාදකයින් සැක පල කරන්නේ පක්ෂය තුළ ඇති බෙදීම් හේතුවෙන් ස්කැලිස් මහතාගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ජන්ද ඔහුට නොමැති බවටයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරීම ජිම් ජෝර්ඩන් වන අතර කොලරාඩෝ හි ලෝරන් බෝබර්ට්, ජෝර්ජියාවේ මාජෝරි ටේලර් ග්‍රීන් සහ ෆ්ලොරිඩාවේ ඇනා පෝලිනා ලූනා ඇතුළු තවත් රිපබ්ලිකන් නියෝජිතයන් කිහිප දෙනෙක් ස්කැලිස් මහතාට ඡන්දය දීමට අදහස් නොකරන බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...