නීති විරෝධීව ගෙන්වූ උඳු තොගයක් රේඟු භාරයට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : ඉන්දියාවේ සිට නීති විරෝධීව ආනයනය කළ , රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් උඳු මෙට්‍රික්ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවිලි අරුග්ගොඩ මහතා පැවසීය.

තවද අරුග්ගොඩ මහතා සඳහන් කළේ , මෙම උඳු තොගය කඩල අඩංගු බහලුමක සඟවා තිබී සොයා ගත් බවත් උඳු තොගයේ වටිනාකම රුපියල් මිලියන 31 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවයි.

උඳු තොගය සහිත බහලුම ඔරුගොඩවත්ත ආර්.සී.ටී. අංගනයේ ඇති අතර, මෙම මෙම උඳු තොගය කෙසේ හෝ රේගුවෙන් නිදහස් වූයේ නම් බදු වශයෙන් රජයට රුපියල් මිලියන 5.1 ක් අහිමි වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...