ජනාධිපතිතුමාට ප්‍රශ්නය තේරුණා. ඒත් ස්ථිර පිළිතුරක් ලැබුණේ නැහැ -FUTA

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්විය.

ඒ, මේ වන විට විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින අර්බුද සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහාය.

එම සාකච්ජාවෙන් අනතුරුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති භරණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවබෝධයක් ලබාගත් අතර අයවැය සමඟ සුභදායක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන බවයි.

”අපි සෑහෙන කරුණු එතුමාට පැහැදිලි කළා. කොතරම් අඩුපාඩු තියෙනව ද කොතරම් ආචාර්යවරු රට හැර ගිහින් තියෙනවද කියලා පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා සුභවාදී පිළිතුරක්. එසේ නොවුණොත් විශ්වවිද්‍යාල පද්ධතියම අගාධයට යනවා. ජනාධිපතිතුමාට ප්‍රශ්නය තේරුණා. එතුමාගෙන් ස්ථිර පිළිතුරක් ලැබුණේ නැහැ. එතුමා තේරුම් ගත්තා අපි පත්වෙලා තියෙන ආර්ථික අපහසුතාවයන්. ජනාධිපතිතුමා මාසයක් දෙකක් ඇතුළත සුභවාදී පිළිතුරක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අයවැයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන් රට හැරයාම නවත්වන්න වැඩපිළිවෙළක් කරයි කියලා. ජනාධිපතිතුමා කෙළින් පිළිතුරක් ලබා නොදුන්නට අපි හිතනවා එතුමාගේ ස්වභාවයෙන් මෙයට පිළියමක් ලබා දෙයි කියලා. ජනාධිපතිතුමා ඒ ඒ ක්ෂේත්‍රවලට වෙන වෙනම සාකච්ඡාවක් ලබා දීලා තිබ්බේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...