ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට සහය පළ කරමින් දස දහස් ගණනක් ලොව පුරා පෙළ ගැසෙති

Date:

සටහන – සශිකලා මධුෂාණි

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් ආන්ඩු විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද හමාස් විසින් පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාර වලට එරෙහිව ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන විට මැද පෙරදිග, ආසියාවේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවල බොහෝ පිරිසක් රැස්ව රටවල් දෙක වෙනුවෙන් පෙළ ගැසී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ඊශ්‍රායලයට සහයෝගය පල කිරීම වෙනුවෙන් එක්සත් ජනපදයේ, ප්‍රංශයේ සහ අනෙකුත් රටවල යුදෙව් ප්‍රජාවන් සිය රැස්වීම පැවැත් විය.

ඊයේ(13) දිනයේදී සිකුරාදා බැග්ඩෑඩයේ, දස දහස් ගනනක් ඉරාක ජාතිකයින් මධ්‍යම ටහ්රීර් චතුරශ්‍රයේ රැලි පැවැත්වීය, පලස්තීන ධජ ලෙලවමින් සහ ඊශ්‍රායල ධජය පුළුස්සා දමමින් එක්සත් ජනපද විරෝධී සහ ඊශ්‍රායල විරෝධී සටන් පාඨ කියමින් සිටියහ.

පසුගිය සතියේ ලෙබනන් දේශසීමාව හරහා ඊශ්‍රායලය සමඟ ගැටුණු හිස්බුල්ලා නියෝජ්‍ය ප්‍රධානී Naim Qassem ලෙබනනයේ පැවති විරෝධතාවකදී පැවසුවේ, සටනට දායක වීමට කණ්ඩායම සම්පූර්ණයෙන්ම සූදානම් බවයි.

මිට අමතරව ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, බල්ගේරියාව, යේමනය, කේප් ටවුන්, ඉන්දියාවේ කාශ්මීර කලාපය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඊජිප්තුවේ ද විරෝධතාකරුවන් වීදි බැස සිටියහ.

ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා ප්‍රංශය , වෝර්සෝ , නෙදර්ලන්තය, එක්සත් ජනපද විරෝදකරුවන් පලස්තීනයට එරෙහි සටන් පාඨ කියමින් කියා සිටියේ, වසර 75ක ඉතිහාසය තුළ දියත් වූ හමාස් ව්‍යාපාරය ඊශ්‍රායල සිවිල් වැසියන්ට එරෙහි මාරාන්තික ඝාතන ව්‍යාපාරය වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...