ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති මධ්‍යම ආසියානු වොලිබොල් සූරතාවලියේ තරගයෙන් ශ්‍රී ලංකාව අවසාන තරගය සඳහා අභියෝගයකින් තොරව පිවිසිම සඳහා අවශ්‍ය වූ ජයග්‍රහණය පහසුවෙන් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව වට 3 – 1 ක් ලෙස බංගලාදේශය පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.එහි තරග වට තුන ලකුණු 25 – 18,25 – 21, 19 – 25 සහ 25 – 23 ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
තරගයේ තෙවන වටයේදී තරගාවලිය සඳහා මේ දක්වා ක්‍රිඩා නොකළ ක්‍රීඩකයින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව උථ්සාහ කළා.ඒ හෙට පවතින අවසාන තරගය ඉලක්ක කර ගනිමින් විය යුතුයි.ඒ අනුව මෙතෙක් තරගාවලිය තුළ කැපී පෙණුනම ප්‍රහාරකයන් බවට අවධානය දිනා ගත් මහේල ඉන්දීවර මෙන්ම ලසිඳු මෙත්මාල් ද තෙවන වටයේදී ක්‍රීඩාවට එකතු වුණේ නැහැ.ඒ හිස්තැන එක්වරම ආවරණයට අසමත් වූ ශ්‍රී ලංකාවේ ආදේශක ක්‍රිඩකයින් යම් තරමට පීඩනයකට ලක් කරමින් ශ්‍රී ලංකාවෙන් තෙවන වටයේ ජයග්‍රහණය උඳුරා ගන්නට සමත් වුණා.
තෙවන වටයේදී ද මහේල ඉන්දීවර පමණක් කැඳවා ශ්‍රී ලංකාව තරගය පාලනය සියතට ගැනීමට උත්සාහ කළත්,බංගලාදේශ ක්‍රීඩකයින් ඊට ඉඩ ලබා දුන්නේ න්හැ.ඒ අනුව ලසිඳු මෙත්මාල් සහ වසන්ත ලක්මාල් ද යළි පිටියට කැදවන්නට ශ්‍රී ලංකා පුහුණුකරුට අවසාන මොහොතේදී සිදු වූ අතර වසන්තගේ පිරිනැමීමේ තිබූ පිරුණු බව මෙන්ම මහේලගේ ප්‍රහාරයේ තිබූ ප්‍රච්ණ්ඩකාරී තර්ජනය පරයා යන්නට නොහැකි වූ බංගලාදේශයට අවසානයේ පරාජය භාර ගන්නට සිඳු වුණා.හෙට අවසාන මහා තරගයේදී ඔවුන්ට බොහෝ විට උස්බෙකිස්තානය හමු වෙනු ඇති.
එහෙත් නේපාලය පළමු වටයේ අවසාන තරගය ලෙස පැවත්වෙන තරගයෙන් උස්බෙකිස්තිනයට එරෙහිව ජය ගතහොත් තත්තවය වෙනස් වීමේ ඉඩක් ද පවතින බැවින් දැනට ස්ථිර වශයෙන්ම අවසාන තරගයට පිවිස සිටිනේනේ ශ්‍රී ලංකාව පමණක් බව පැවසිය හැකියි.
අවසාන තරගයේ අත්හදා බැලීම් වෙනුවට සිය පිරුණු ශක්තිය නිරන්තරයෙන් පිටියේ තබා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් ඉගෙන ගන්නට ලැබුණු බැවින් අවසාන තරගයේදී කවුරුන් ප්‍රතිවාදියා ලෙස පැමිණියද ශ්‍රී ලංකාව කුමන අභියෝගයක් හෝ ජය ගැනීමට සුදුසු කණ්ඩායම පිටියේ රඳවනු ඇති බව සිතිය හැකියි.
සටහන – නිෂ්මං රණසිංහ
