අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම දොරටු තුළින් තත්ත්පරයට ඝන අඩි 7000ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හරින බව පොල්ගොල්ල කාර්යයභාර ප්‍රධාන ඉංජිනේරු ක්‍රිෂාන්ත ඩයස් මහතා පවසයි.

ඉහළ ජලාධාර ප්‍රදේශයට පතිත වන ධාරානිපාත වැසි නිසා පොල්ගොල්ල වාන් දොරටු හදිසියේ විවෘත කිරීමට හැකි බැවින් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ද ඔහු තවදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...