මට ඕනේ මැතිවරණ ක්‍රමය සශෝධනය කරන්න – විජයදාස රාජපක්ෂ

කොළඹ LNW: තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කර ඇත්තේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ විමසීමක දී ය.

කේවල ආසන ක්‍රමයට මන්ත්‍රීවරු 160 දෙනකු තේරී පත්වන ආකාරයෙන් හා ඉතිරි මන්ත්‍රීවරු 65 දෙනා සමානුපාතික ක්‍රමයට තේරී පත්වීමේ යෝජනාවක් තමන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා සන්දාන් කරයි.

කේවල හා සමානුපාතික යන ක්‍රම දෙකේම මිශ්‍රණයකින් යුතුව පවතින ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු ද තම යෝජනාවට ඇතුළත් බව අමාත්‍යවරයා කියාසිටියි.

තමන් මෙම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනය ගැන පක්ෂ නායකයින් සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්පසු එය පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...