දින 05ක සංචාරයකට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දින 05ක සංචාරයක් සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි Maria Fernanda Garza මෙම සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඇය ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ සාමාජිකයන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇති අතර ,ලොව පුරා රටවල් 170ක සමාගම් මිලියන 45ක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය යටතේ පවතී.

Maria Fernanda Garzaගේ සංචාරය හරහා මෙරටට ආයෝජන අවස්ථා රැසක් ළඟා කරගැනීමේ හැකියාවක් ද පවතින බව, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා සභාපති ඇන්තනි ශනිල් ප්‍රනාන්දු මහතා සහ ලේකම් හේමකුමාර ගුණසේකර මහතා ද ප්‍රකාශ කර සිටියහ.

එසේම, ඇය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසාර නාගරීකරණය පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරන අතර, රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන්නේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...