තෙල්වල පාඩුව මැදමුලනෙන් අරන් එන්නේ නෑ, ඒකත් ජනතාවටම තමයි – ගම්මන්පිල (VIDEO)

Date:

ඉන්ධන විකිණීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ලබමින් සිටින පාඩුව ජනාධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරයින් මැදමුලනෙන් රැගෙනවිත් පියවන්නේ නැති බවත් එම බරත් දරාගැනීමට අවසානයේදී සිදුවන්නේ මහජනතාවට ම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“අපි පෙට්‍රල් ලීටරයක් විකුණන්නේ රුපියල් 19ක් පාඩුවට. ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට. සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට. අර අර මං කියපු පනහේ උදාහරණය වගේ මේ පාඩුව කොහෙන්හරි දෙන්න ඕනෙ. දැන් මේ පාඩුව කවුද දරන්නෙ ?

ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, මුදල් ඇමතිතුමාවත් මැදමුලනෙන් අරන් එන්නෙ නෑ. මේ පාඩුව දරන්න වෙන්නෙත් මේ රටේ ජනතාවටම තමයි”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ අසාර්ථකම බලශක්ති අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා මේ සූදානම් වන්නේ ජනතාවට සහනයක් ලබාදීමට නොව ඉන්ධන මිල වැඩිකර ජනතාව තවත් පීඩාවට පත්කිරීමට ය. ඒ අතරේම ඔහු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලට ටොක්කක් ඇන වීරයෙකු වීමට ද බලයි. මේ සියල්ල කරන්නේ තමන්ගේ ඇමතිකමට අදාළ සුඛවිහරණයේ බරත් ජනතාව පිට ම පටවාගෙන සිටින අතරේ ය.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/02/19/7490/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...