තෙල්වල පාඩුව මැදමුලනෙන් අරන් එන්නේ නෑ, ඒකත් ජනතාවටම තමයි – ගම්මන්පිල (VIDEO)

Date:

ඉන්ධන විකිණීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ලබමින් සිටින පාඩුව ජනාධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරයින් මැදමුලනෙන් රැගෙනවිත් පියවන්නේ නැති බවත් එම බරත් දරාගැනීමට අවසානයේදී සිදුවන්නේ මහජනතාවට ම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“අපි පෙට්‍රල් ලීටරයක් විකුණන්නේ රුපියල් 19ක් පාඩුවට. ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට. සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට. අර අර මං කියපු පනහේ උදාහරණය වගේ මේ පාඩුව කොහෙන්හරි දෙන්න ඕනෙ. දැන් මේ පාඩුව කවුද දරන්නෙ ?

ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, මුදල් ඇමතිතුමාවත් මැදමුලනෙන් අරන් එන්නෙ නෑ. මේ පාඩුව දරන්න වෙන්නෙත් මේ රටේ ජනතාවටම තමයි”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ අසාර්ථකම බලශක්ති අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා මේ සූදානම් වන්නේ ජනතාවට සහනයක් ලබාදීමට නොව ඉන්ධන මිල වැඩිකර ජනතාව තවත් පීඩාවට පත්කිරීමට ය. ඒ අතරේම ඔහු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලට ටොක්කක් ඇන වීරයෙකු වීමට ද බලයි. මේ සියල්ල කරන්නේ තමන්ගේ ඇමතිකමට අදාළ සුඛවිහරණයේ බරත් ජනතාව පිට ම පටවාගෙන සිටින අතරේ ය.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/02/19/7490/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...