පලස්තීන තානාපති හමු වූ අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (18) දින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවී ඇති අතර, මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද සහභාගිවී ඇත.

මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්යි පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව පලස්තීන තානාපතිවරයා වෙත ,ජාතික ජන බලවේගයේ කණගාටුව පළකර ඇත.

අනුර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු බවත්, එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීමට වහා ක්‍රියාත්මක විය යුතු බවයි.

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තමන් හඬ නඟා ඇති බව පෙන්වා දුන් අනුර දිසානායක මහතා, පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය බව තානාපතිවරයාට ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...