දරුවා විභාගය අසමත්ද ? විසඳුම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව එම අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා පවසයි.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය පවසන්නේ, අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 2ක් වන අතර අපොස උසස් පෙළ අසමත් සංඛ්‍යාව ලක්ෂයක පමණ ප්‍රමාණයක් වන බැවින් මෙම සිසුන් ලක්ෂ 3ක ගේ අනාගතය සාර්ථක කරවීම සදහා මෙම කාර්යභාරය ඉටුකරන බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ රුචික අමරසේකර මහතා පැවසූවේ, විභාග අසමත් දරුවන් සමාජයෙන් කොන් වීමකට ලක් වීමත් ත්‍රිරෝද රථ රියදුරන් ලෙස තව වෘත්තීය කර ගැනීමට යන ප්‍රණතාවය වැඩි වශයෙන් පවතින බවත්, මෙම සිසුන් සදහා වෘත්තීය පුහුණුවක් ලබා දී සුදුසුකම් පරීක්ෂා කර NVQ 3 NVQ 4 වර්ගයේ පුහුණු සහතික ලබා දී ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලබා ගෙන රැකියාව තුළ උසස්වීම් ලබා ගැනීමටත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මගින් හැකිවෙන බවත් ය.

ඔහු මේ බව සදහන් කලේ මහනුවර ස්විස් හෝටලයේ දී ඊයේ (19) දින පැවැති නයිටා ආයතනයේ සිසු සිසුවියන් සදහා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට දායකත්වය සපයන සේවා යෝජක ආයතනවලට උපහාර දැක්වීමේ උත්සවයක දීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...