TOP 20 සමාගම් හෙට ජනපති ගෝඨාභය හමුවෙයි !

0
973

ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 20ක ප්‍රධානීන් හෙට (21) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ඒ අනුව එම සමාගම්වල හිමිකරුවන්, සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් මෙසේ ජනාධිපතිවරයා හමුවට කැඳවා ඇති බව සඳහන්.

මෙහිදී මෙම ව්‍යාපාරිකයින්ට තමන්ගේ අවශ්‍යතා සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තම ගැටලුවලට විසඳුම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි කොඳු නාරටිය වන්නේ පෞද්ගලික අංශයයි. කිසිදු ආණ්ඩුවකට මෙම ව්‍යාපාරික ප්‍රජාව අත්හැර දැමිය නොහැකි අතර කවුරුන් ආණ්ඩු බලය ලබාගත්තත් සිදුවිය යුත්තේ මෙම ව්‍යාපාරිකයින්ගේ ශක්තිය වඩාත් ඵලදායී අන්දමින් දේශීය නිෂ්පාදනය නැංවීම සඳහා දායක කරගැනීම ය.

මේ සඳහා අවශ්‍ය පසුබිම පී. බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙහි සිටි වසර දෙකක කාලය තුළම සකස් වූයේ නැත. එසේවෙතත් නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා සිය ධුරයෙහි වැඩ භාරගෙන ඉතාම කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපාරික ප්‍රජාව සහ ජනාධිපතිවරයා අතර සෘජු සන්නිවේදනයක් සඳහා අවස්ථාව සකස් කරදීම සැබැවින්ම අගය කළ යුතුය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here