පුරුෂාධිපත්‍යයට කම්මුල් පහරක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ, ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ජීවත් වන පීතෘ සෙනෙහස පිළිබඳ අපූරු තොරතුරක් වාර්ත වේ.

තමාගේ ආදරණීය දියණිය විවාහ කර දීමෙන් පසු ඇයගේ සැමියා සහ නැන්දම්මා විසින් ඔවුන්ගේ නිවසේදී විඳි පීඩාවන් හමුවේ, ඇය නැවත ගෙන්වා ගැනීම සඳහා මංගල පෙරහැරක් රැගෙන එම නිවස වෙත ගිය පියෙකුගේ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වේ.

තම දියණිය ඇගේ ස්වාමිපුරුෂයාගෙන් හා නැන්දම්මාගෙන් නිරන්තර කරදරවලට මුහුණ දුන් බැවින් , එම හිරිහැර හමුවේ තම සැමියාගෙන් දික්කසාද වීමට ඇය තීරණය කළ බවත්, ඇය නැවත ගෙන්වා ගැනීම සඳහා ඇය පිටත් කළ ආකාරයෙන්ම පිරිසක් සමග මඟුල් පෙරහැරකින් එම නිවස වෙත ගිය බව දියණියගේ පියා වන ප්‍රේම් ගුප්තා සඳහන් කර ඇත.

මෙම පියා රතිඤ්ඤා පුපුරවමින්, සංගීත භාණ්ඩ වාදනය කරමින් නැන්දම්මාගේ නිවසේ දී වධහිංසාවට ලක් වූ තම දියණිය නැවත ඇගේ මාපිය නිවසට රැගෙන ආවේ මහත් හරසරිනි.

“මිනිසුන් තම දියණියන් විවාහ කර දෙන්නේ මහත් අභිලාෂයන් සහ ඉතා උත්කර්ෂවත් ලෙසයි, නමුත් සහකරු හෝ සහකාරිය සහ පවුලේ අය නිවැරදි නොවන්නේ නම් ඔබ ඔබේ දියණිය ගෞරවයෙන් ඔබේ නිවසට ගෙන ආ යුතුයි. දියණියක් යනු බොහෝ වටිනා තැනැත්තියක් , මම මෙම තීරණය ගත්තේ දියණියගේ සතුට වෙනුවෙන්, මෙතැන් සිට මගේ දියණිය විදි වද හිංසාවලින් ඇය නිදහස්” ලෙස ප්‍රේම් ගුප්තා, තම දියණිය නැවත සිය නිවසට රැගෙන එන අයුරු දැක්වෙන වීඩියෝව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර කරමින් , එසේ සඳහන් කර ඇත.

ඉන්දීය සමාජයේ පුරුෂාධිපත්‍ය සම්මතයන් බිඳ දමමින් මෙම පියා එරට තරුණ පරම්පරාවට ආදර්ශයක් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...