හෙට දකුණු පළාතට පැය 03 ක් අනෙක් පළාත්වලට පැයක් විදුලිය කැපෙයි

0
255

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව හෙට දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී දකුණු පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පෙරවරු 8.30 – පස්වරු 7.30 අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව දකුණු පළාතේ ජනතාවට පමණක් පෙරවරු 8.30 – පස්වරු 4.30 අතරතුර කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මුහුණදීමට සිදුවනු ඇත. දකුණු පළාත සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ එම පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල මට්ටම අවම මට්ටමක් දක්වා පහත වැටීමයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here