ශ්‍රී ලංකාව නේෂන්ස් කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කරයි

Date:

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන්ස් කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරන්නට සමත් වුණා.ඒ කුක් දිවයිනට එරෙහිව ලකුණු 62 – 52 ක් ලෙසයි.

තරගයේ තීරණයට සම්පූර්ණයෙන්ම පාහේ බලපෑවේ දෙපිලේ දැල් විදින්නියන් පෑ සාර්ථක සහ අසාර්ථක බවයි.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා ජයග්‍රහණයේ සාර්ථකත්වයට විශිෂ්ඨ දායකත්වයක් දක්වනු ලැබුවා.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටියත් ඔවුන් අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා අඩු තරග අත්දැකීම් ඇති කණ්ඩායමක්.ඒ බව ශ්‍රී ලංකාව පසුපස හඹා යාමට උත්සාහ කරන ලද අවස්ථාවන් අවසානයේ ඔවුන්ගේම නොසැළකිල්ලෙන් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස නිමා කිරීමෙන් පැහැදිළි කළා.

එම අතපසුවීම් සහ කුක් අයිලන්ඩ් කණ්ඩායමේ GS සහ GA ක්‍රීඩිකාවන් කරන ලද අතපසුවීම් සමඟ පළමු වටයේදී ලකුණු 18 – 11 ක් ලෙස ඉදිරියට ආ ශ්‍රී ලංකාව තරගය නිමා වෙන තෙක්ම එම වාසිය රඳවා ගත්තා.

කුක් අයිලන්ඩ් කණ්ඩායම දෙවන කාර්තුවේ ලකුණු 15 – 13 ක් ලෙසත්,සිව්වන කාර්තුවේ දී ලකුණු 16 – 15 ක් ලෙසත් ඉදිරියට ආවත් ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් තෙවන වටයේදී ඔවුන්ට කළ අභියෝගය කුක් දිවයිනට මුළු කාර්තුව පුරාම රැක ගන්නට නොහැකි වුණා.පන්දු හුවමාරු කර ගැනීමේ දී අනවශ්‍ය පීඩනයක් ඇති කර ගැනීම නිසා ඔවුන් ප්‍රතිවාදීන්ට එරෙහිව ගොඩ නැඟූ පීඩනය ගිලිහී ගියා.ඒ නිසා ශ්‍රී ලංකාව තෙවන වටයේදී ලකුණු 16 – 10 ක් ලෙස ජය ගන්න⁣ට සමත් වුණා.

විස්තර විචාරයේ දී පවා ශ්‍රී ලංකාව තරගයේ මොහොතට සාපෙක්ෂව තරග රටාව වෙනස් නොකිරීම සාකච්ඡාවට ගැණුනා.

ඉදිරි තරගවලදී ශ්‍රී ලංකාවට හමුවීමට සිංගප්පූරු ජාතික කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් වන අතර ඊට මුහුණ දීම සඳහා සාර්ථක වෙනස් සැළසුම් සකස් කිරීම කෙරෙහි පුහුණුකාරියගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...