සමිත ආසියානු පැරා උළෙල වාර්තාව ඉක්මවමින්, රිදියෙන් ලංකාව බබලවයි

Date:

සටහන – නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): චීනයේ පැවත්වෙන පැරා ආසියානු ක්‍රීඩා උළෙලේ එෆ් 64 කාණ්ඩයේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වට සහභාගි වූ සමිත දුලාන් කොඩිතුවක්ක් එහි පැවති උළෙල වාර්තාව ඉක්මවා යමින් දස්කම් දැක් වුව ද,ඉන්දියාවේ සුමිත් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට දිනා දුන්නා.සමිතට රිදී පදක්කම හිමි වුණා.

සුමිත් පැවති ලෝක වාර්තාව වූ මීටර් 70.63 ද,ආසියානු වාර්තාව වූ එම දුර ප්‍රමාණයම ද සහ ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාව වූ මීටර් 56ත29 ද හිමි කරගෙන සිටි තරගකරුවා වන අතර ඔහුගේ අලුත් දස්කම වූ මීටර් 73.29 ක දුර ප්‍රමාණය මෙතැන් සිට එම වාර්තා තුනටම අදාළ දුර ප්‍රමාණය වෙනවා.සමිත ද තමන්ගේ විසිකිරිම් උත්සාහයන් හයේදීම පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙල වාර්තාව ඉක්මවා යමින් දස්කම් දැක්වීම කැපී පෙණුන අතර ඔහු විසින් දක්වන ලද ඉහළම දස්කම දැක් වූයේ සිය තෙවන උත්සාහයේදී මීටර් 64.42 ක් දුරට හෙල්ල වීසි කිරීමයි.

මේ වන විිට ශ්‍රී ලංකාව දිනා ඇති රන් පදක්කම් දෙක සහ රිදී පදක්කම්මද පැවති ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාවන් ඉක්මවා යාමෙන් පැහැදිළි වන්නේ පැරා ක්‍රිඩකයින් යම් කිසි ඉලක්කයකට තරග උළෙල අරමුණ කරගෙන පුහුණුවීම්වල නිරත වී ඇති බවයි.

සියලු තරග කරුවන්ගේ දක්ෂතා පහතින් දැක ගන්නට හැකියි.
https://resultsapg.hangzhou2022.com.cn/rds/disc/result/ATH/M/JAVELIN-64071—–/FNL-/000100–

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි...

2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2026 වසරේදී හය...

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...