කැබිනට් සංශෝධනය ගැන මහින්දත් නොසතුටින් !- ජනපතිට දුරකථන ඇමතුමක් අරන්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිසියේම දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

සැලකිය යුතු වෙලාවක් දෙදෙනා මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන ඇති බවද වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එහිදී හදිසියේ සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර එය සිදුවු ආකාරය ගැන දැඩි අප්‍රසාදය ප්‍රකාශ කොට ඇති බවයි.

පොහොට්ටුව සතුව තිබූ අමාත්‍ය ධූරයන් ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනකු අතට පත් කිරීම ‌හිටපු ජනාධිපතිවරයාගේ මෙම අප්‍රසාදයට හේතු වී ඇති බවද දැනගන්නට ඇත.

ඔබතුමාට මේ ආණ්ඩුව කරන්න වගේම තනතුර රැකගන්නත් සහාය දෙන්නෙ පොහොට්ටුව,ඒක අමතක කරන්න එපා” යැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇති බවද වාර්තා වෙනවා.

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...

කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව...

අවධමනය ඉවරද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේදී 0.6%ක...