රාජාංගනේ හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

Date:

රාජාංගණේ සද්ධාරතන හිමිව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) වරෙන්තු නිකුත් කළේය.

ඒ, ආගම් අතර අසමගිය පැතිරවීම සම්බන්ධයෙන් එහිමිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මෙම නඩුවට අදාළව මීට පෙර රාජාංගනේ සද්ධාරතන හිමිව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඇප මත මුදා හැර තිබිණි.

එසේ තිබියදී එහිමි අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කළ අතර එහිමිට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් ඒ පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යැවීමටත් නියෝග කරන ලදී.

රාජාංගනේ සද්ධාරතන හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය පිළිබඳව දැනුම් දෙමින් අධිකරණයට ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...