සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් ONLINE ක්‍රමයට!

කොළඹ LNW:ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදු කිරීම එම වැඩපිළිවෙලේ අරමුණ වෙයි.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන ආයතනවලට අයත් සියලු මාර්ග සිතියම් ගතකිරීමේ කටයුතු ද මේ වසර අවසන් වන විට සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි වක්කුඹුර මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...