කපු නූල් උපයෝගී කොට සකස් කරන ලද චීවර මහා සංඝරත්නයට පිළිගැන්වේ.

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW): කපු නූල් උපයෝගී කර ගනිමින් මහනුවර නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය මගින් සකස් කරන ලද සිවුරු, මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් වෙත පිළිගැන්වීම ඉකුත්දා සිදුවිය.

කිසිදු ප්‍රයෝජනයකින් තොරව වසර හයක පමණ කාලයක් අත හැර දමා තිබුණු නියංගොඩ සළුසල මධ්‍යස්ථානය පිළිසකර කිරීමෙන් පසු එහි පේෂකර්මාන්ත කටයුතු යළි ක්‍රියාත්මක කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ මැදිහත්වීම මත මෙම මධ්‍යස්ථානය යළි විවෘත වූ අතර එහිදී කපු නූල් භාවිත කොට මෙම සිවුරු සකස් කොට තිබේ. එම සිවුරු මහ සංඝරත්නයට ප්‍රදානය කිරීමට ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත මධ්‍යම පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ සීමාසහිත සළුසල ආයතනය සැලසුම් කොට තිබේ.

ඒ අනුව පළමු චීවර කට්ටලය මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත පිළිගැන්වීම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් සිදුකරන ලදි.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලක්ෂිකා රණවිර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...