වත්තේගම පරණගම මධ්‍යම මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ විද්‍යා ප්‍රදර්ශනය විවෘත වේ.

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW): වත්තේගම අධ්‍යාපන කලාපයේ පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සංවිධානය කළ “විදු නෙතින් පෙරමඟට” – 2023 විද්‍යා ප්‍රදර්ශනය වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

දරුවන්ගේ විද්‍යා දැනුම පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සර්ප කුටිය, නව නිපැයුම්,භෞතික විද්‍යා යනාදි අංශයන්ගෙන් සමන්විතය.
නව තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විවිධ නිර්මාණයන්ගෙන් මෙම ප්‍රදර්ශනය යුක්ත වූ අතර දරුවන්ගේ දැනුම හා අත්දැකීම් තව දුරටත් දියුණු කිරීම මෙම ප්‍රදර්ශනයේ එක් අපේක්ෂාවකි.


Drone Arcade ආයතනයේ ඩ්‍රෝණතාක්ෂණය පිළිබඳ කුටියක් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයක් විය.
මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා වත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා අවට පාසල්වල දරු දැරියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...