ඉතාලියට ගිය “විහඟ ප්‍රේමය”

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): Peacock Lament හෙවත් විහඟ ප්‍රේමය සංජීව පුෂ්පකුමාර මහතා විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් වන අතර එය පසුගිය 20 වැනිදා සිට ඉතාලියේ සිනමාශාලාවලදී මහජන ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී.

විහඟ ප්‍රේමය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුවූ ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. ශ්‍රී ලාංකික පුරවැසිභාවය පමණක් හිමි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ඉතාලියේදී වාණිජමය වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව වන්නේද විහඟ ප්‍රේමය වීම විශේෂත්වයකි.

පසුගියදා “විහඟ ප්‍රේමය” 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය හෙවත් Best Artistic Contribution Award සම්මානය දිනා ගැනීමට සමත් වීම, ලාංකීය සිනමාව තැබූ තවත් ඉදිරි පියවරකි.

පසුගිය දස වසර ඇතුළත මෙරට සිනමා කෘතියක් ලොව ඒ ශ්‍රේණියේ ජාත්‍යන්තර සිනමා උළෙලක ලද ප්‍රධානතම සම්මානය වන්නේද මෙම සම්මානයයි. ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙල ලොව ප්‍රධානතම ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උළෙල කිහිපයෙන් එකකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලියේ ෆිල්ග්‍රීම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රෙයා මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා කටයුතු කරනු ලබයි.

සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva) ඇතුළු පිරිසක් සිනමාපටය සඳහා රංගනයෙන් එක් වෙයි.

“විහඟ ප්‍රේමය” චිත්‍රපටයේ කැමරාකරණය සිසිකිරණ පරණවිතාන සිදුකළ අතර සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමනායක විසින් සිදුකර තිබේ. සංගීතය ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා නිර්මාණය කර තිබෙන අතර මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණයෙන් ද දායකවී තිබේ.

විහඟ ප්‍රේමය සිනමා කාර්‍යය තුළ, බිලිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති චිත්‍රපටයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...