13 හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කළ විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට !

13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත වටවල, රොසැල්ල හයිඩ්‍රි විහාරාස්ථානයේ විහාරාධිපති හිමිනම පොලිසිය විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවාව පෙරේදා (20) දිනයේදී විහාරස්ථානයට කැඳවා විහාරාධිපති හිමියන් විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර සිසුවා ඒ බව සිය පියාට පැවසීමෙන් අනතුරුව පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ සිසුවාව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර විහාරාධිපති භික්ෂුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

වටවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN